තරුණියෝ ”රූමත්”, ”ටැටූ ගැසූ” බව අදාළ ද?
මාර්තු 23 රාත්‍රීයේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පවත්වන ලද නීති විරෝධි මත්පැන් සාදයක් වටලා සැකකරුවන් හා සැකකාරියන් 58 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූයේ යැයි මාධ්‍ය තුළ වාර්තා වී තිබිණි.
දිවයින (මාර්තු 25, 2025) තුළ, එම අත්අඩංගුවට පත් වූ සැකකාරියන් පිළිබඳ වාර්තා වී ඇති ආකාරයේ ගැටළුකාරී තැන් කිහිපයක් අපට නිරීක්ෂණය විණි;
* කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම අත්අඩංගුවට ගෙන තිබුනත්, කාන්තාවන් පමණක් “රූමත්” ලෙස දක්වා ඇත.
මෙම පුවතට කාන්තාවන්ගේ බාහිර රූපය අදාළ වන්නේ කෙසේද?
* මෙම සැකකාරියන් “ටැටූ ගැසූ” බවට සඳහන් කර ඇත.
මෙවැනි ඍණාත්මක සන්දර්භයක් ඇති පුවතක් සමඟ එම තරුණියන්ගේ “ටැටූ” පිලිබඳ සඳහන් කිරීමෙන් පොදුවේ එවැනි ශරීර විලාසිතා තිබෙන පුද්ගලයින් සියල්ලම ඒකාකෘතික කිරීමකට (Stereotyping) ලක් නොවන්නේ ද?
* කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම අත්අඩංගුවට ගෙන තිබුනත්, “තරුණියෝ 7දෙනෙකුත් ඉඳලා” යන්නෙන් කාන්තා පාර්ශවය පමණක් වෙනම ඉස්මතු කර ඇත.
එකම වරදක වුවත් එහි වැඩි වගකීමක් කාන්තාවට පැවරෙන බව මින් හැඟවෙන්නේ නැතිද? ඒ ඔස්සේ, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගනිමින් කාන්තාව කොන් කිරීමක් නොවන්නේද?


0 Comments