දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!
කොච්චිකඩේ කම්මල්තොට මෝය කට අසල දී ත්‍රිරෝදයක් තුල මීගමුව පොලිසියේ සැරයන් රියැදුරෙකු දිවිනසා ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (ජූනි 16, 2025) වාර්තා කර ඇති ආකාරය පහත දැක්වේ.
* දිවි තොර කර ගත් ආකාරය දක්වන ඡායාරූපයක් පළ කර ඇත.
* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.
* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.
දිවි තොර කර ගැනීම් වාර්තාකරණයදී දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම ක්‍රමය අනුව අනුකාරක සිදුවීම් ඇතිවීමේ අවදානමක් ඇති බැවිනි.
එසේම, දිවි තොර කර ගැනීම පිළිබඳ පුවත් වාර්තාවක් සමගින්, හදිසි උපකාරක අංක සඳහන් කරන මෙන් උපදෙස් දෙන්නේ, එය දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට උපකාරයක් විය හැකි බැවිනි.
ඒ අනුව, මෙම සිදුවීම කෙතරම් වගකීම් සහගතව මෙම පුවත්පත් වාර්තා කර තිබේ යැයි ඔබ සිතන්නේද?
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:
* CCC line – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments