Ethics Eye

දිවි තොර කර ගැනීම් සහ වින්දිතයන්ගේ පෞද්ගලිකත්වය

දිවිතොර කර ගැනීමේ පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක.

එසේනම් මෙවැනි පුවත් වගකීමෙන් වාර්තා කිරීමට මාධ්‍යය කටයුතු කිරීම වැදගත් වේ.

අපි අද දිනයේ වාර්තා වූ දිවි තොර කර ගැනීමේ පුවතක් දෙස බලමු.

පුවත – තම වැඩිමහලු සොහොයුරිය සහ ඇගේ දරුවා සමග වාසය කල 28 හැවිරිදි තරුණියක් දිවිතොර කර ගැනීමේ පුවතක් අද දින (සැප්තැම්බර් 16, 2025) අරුණ පුවත්පත තුළ වාර්තා වී තිබිණ. එම පුවත සමග මිය ගිය තැනැත්තියගේ නිවසේ ඡායාරූපයක්ද පළ කර තිබුණි.

1. එය මිය ගිය තැනැත්තියගේ පවුලේ අයගේ අනන්‍යතාවය හෙළි වීමට දායක විය හැකි නොවේද? එමගින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමේ අයිතිය ඔවුන්ට අහිමි විය හැකි නොවේද?

2. එසේම, මෙවැනි පුවත් වාර්තා කරන විට උපකාරක අංකයක් සඳහන් කිරීම, සියදිවි නසාගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට මහඟු උපකාරයක් විය හැකිය.

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

CCC line – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ශාන්ති මාර්ගම් – 0717639898

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This