“දූෂණය” වෙනුවට “ලිංගික අපරාධය”
අනුරාධපුර ප්‍රදේශයේ මවක් ලූපයක් ඉවත් කරගැනීමේ ප්‍රතිකාරයක් සඳහා මුණගැසීමට ගිය වෛද්‍යවරයකු එම කාන්තාව ලිංගික අපරාධයකට ලක් කිරීමේ පුවත අගෝස්තු 12, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පළව තිබුණු ආකාරය අප එදින පෙන්වා දුනි.
2025 අගෝස්තු 14 දින ද මෙම පුවත පිළිබඳ දිනමිණ පුවත්පතේ නැවතත් වාර්තා කළ අවස්ථාවේදීද එය වාර්තා කිරීම සඳහා “කෙලෙසීම” යොදාගෙන ඇති බව නිරීක්ෂණය කළ හැක.
“දූෂණය” යන්න ලිංගික අතවරයක් හැඳින්වීමට යොදාගත් විට, එය වින්දිතයා ‘කිලිටි’ හෝ ‘අපවිත්‍ර’ වූ බවට වැරදි අදහසක් ලබා දෙයි. මෙමගින් ලිංගික අපරාධයකට මුහුණ දුන් පුද්ගලයන්ට සමාජයෙන් එල්ලවන ගැරහුම් සහ කොන්කිරීම් තව තවත් උග්‍ර විය හැකිය.
එබැවින්, මාධ්‍ය වාර්තාකරණයේදී සහ පොදු කතිකාවේදී “දූෂණය” වෙනුවට “ලිංගික අපරාධය” හෝ “ලිංගික අපයෝජනය” වැනි යෙදුම් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ.


0 Comments