Ethics Eye

දූෂණය වෙනුවට ලිංගික අපරාධය/ලිංගික අපයෝජනය

ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය බොහෝවිට යොදා ගන්නා “දූෂණය” යන යෙදුමෙහි ඇති ගැටලුව අපි මින් පෙරද සාකච්ඡා කර ඇත්තෙමු.

පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, “දූෂණය” යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට ලක්වූ අයෙකු අපවිත්‍ර වී, කිලිටි වී ඇති බවට අදහසක් ගම්‍ය නොවන්නේද යන්නයි. ඒ ඔස්සේ, ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට මුහුණ දුන් අය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති කොන් කරන සුළු, ගැරහුම් සහගත ආකල්පය තවත් තීව්‍ර වීමේ අවදානමක් නැතිද?

විශේෂයෙන්ම මෙහි දැක්වෙන මව්බිම වැනි මෙම ගැටළුව සම්බන්ධයෙන් සමාජ අවධානය යොමු කරවන ලිපියක වුවද “දූෂණය” යනුවෙන් සඳහන් කිරීමෙන්, එම ලිපියේ පරමාර්ථයට හානි නොවන්නේදැයි අප ඇසිය යුතුයි.

ඒ අනුව, “දූෂණය” යන්න වෙනුවට ලිංගික අපරාධය හෝ ලිංගික අපයෝජනය යන යෙදුම් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය බවට ඔබ එකඟ වන්නේ ද?

එසේ නැතිනම් ඒ සඳහා වඩාත් යෝග්‍ය යෙදුමක් ඔබට යෝජනා කළ හැකිද?

සමාජ ගර්හාවක් ඇති නොකරමින් ලිංගික අපරාධ වාර්තා කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This