නීතියට පෙර මාධ්‍ය තුළින් වැරදිකරුවන් කිරීමක්?
යම් කිසි අපරාධයක් සඳහා චෝදනා ලැබූවෙකු ඊට වැරදිකරුද, නිවැරදිකරුද කියා තීරණය කළ යුත්තේ, නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයයි. එසේ තහවුරු කරන තුරු අදාළ සැකකරු නිවැරදිකරු බවට පූර්ව නිගමනයක් (Presumption of innocence) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළම තිබේ.
එසේ නම්, යම් අපරාධයක් පිළිබඳව වාර්තා කරනා මාධ්‍ය, එහිදී අධිකරණය මගින් යමෙකු වරදකරුවෙකු බව සනාථ කිරීමට පෙරාතුව, පුවත් වාර්තාවන් ඔස්සේ ඔවුන් වරදකරුවන් බවට තීරණය කිරීම කෙතරම් මාධ්‍ය ආචාර ධර්මයන්ට එකඟදැයි අපට ඇසීමට සිදුවේ.
නිදසුනක් ලෙසට, ගලේවෙල ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුමක් වාර්තා කිරීමේදී, දිනමිණ පුවත්පත, “යකඩ පොල්ලකින් පහර දී පියා මැරූ අජාසත්ත පුතෙක් මකුළුගස්වැවෙන් අල්ලයි” යන සිරස්තලය යොදාගෙන තිබීම දැක්විය හැක.
ඔබේ අදහසට අනුව, මෙම සිරස්තලය ඔස්සේ,සැකකරු විසින් ඝාතනය සිදු කර ඇති බවට පූර්ව විනිශ්චයක් ලබා දීමක් සිදු නොකරන්නේද?
මූලාශ්‍ර:
https://www.countycourt.vic.gov.au/…/covering-courts.pdf
https://www.supremecourt.wa.gov.au/…/Guidelines%20for…
https://blog.ipleaders.in/trial-by-media/…
https://www.parliament.lk/files/pdf/constitution.pdf


0 Comments