පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා නොකිරීම
2025 වර්ෂයේ පළමු කාර්තුවේ (1 ජනවාරි සිට 31 මාර්තු) තුළ වාර්තාකරණයේදී ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට “ආබාධිත” යන යෙදුම වැඩි වශයෙන්ම භාවිතා කළ පුවත්පත් තුන මෙසේ දැක්විය හැක.
ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි.
ඒ අනුව, යම් අයෙකු “ආබාධිත පුද්ගලයෙකු (A disabled person)” ලෙසින් හඳුන්වා නොදී, ඒ වෙනුවට එම අය “ආබාධ සහිත පුද්ගලයෙකු (A person with a disability)” ලෙසින් හැඳින්වීම වඩාත් යෝග්‍ය හැඳින්වීම වේ . එනම් ඒ පුද්ගලයා පළමුව පැමිණෙන බවත්, ඔහුගේ ආබාධ දෙවන තැන ගන්නා බවත්ය. මේ ඔස්සේ බලාපොරොත්තු වන්නේ ආබාධ සහිතව ජීවත් වන අයව කොන් කිරීම වැළැක්වීමයි.
ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
මූලාශ්‍ර: https://www.nih.gov/…/writing-respectfully-person-first…
https://www.unicef.org/…/Country%20Profile%20-%20Sri…
https://arts.cmb.ac.lk/…/10/Disability-Handbook-2021.pdf



0 Comments