මෙම සිරස්තලය පුවතට සුදුසු ද?
පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි අදහස සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.
ඒ අනුව මාර්තු 28, 2025 දින ලංකාදීප පුවත්පතේ, “මැති සබේ හෙදියන්ගේ සාරි ගලවයි” සිරස්තලය යටතේ පළවූ පුවත සලකා බලමු. එහි අන්තර්ගතයේ සඳහන් වි ඇත්තේ පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ට නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නියෝග කර ඇති බවය.
1) නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස දුන් නියෝගයක් හෙදියන්ගේ “සාරී ගැලවීමක්” ලෙස දැක්වීම කෙතරම් යෝග්‍ය ද?
2) පුවත් අන්තර්ගතයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන් දෙපිරිසටම මෙම නියෝගය අදාළ බව සඳහන් වුවද, සිරස්තලයේ හෙදියන් පිළිබඳව පමණක් සඳහන් කර ඇත්තේ ඇයි?


0 Comments