“මෙහෙකාරිය” ද? සේවිකාව ද?
යම් ජන සමාජයක චින්තනය හැඩගැස්වීමෙහි ලා, භාෂාවේ බලපෑම සුළු පටු නොවේ. එසේම, එම භාෂාව සඳහා මාධ්‍ය වෙතින් ලැබෙන දායකත්වය ද එසේම නොසලකා හැරිය හැකි නොවේ. අතීතයේ භාවිතා වූ ඇතැම් යෙදුම්, වර්තමානයට ද එසේම උචිත වන්නේ ද යන පැනය, පාඨක අප නැඟිය යුත්තේ ඒ හෙයිනි.
නිදසුන් ලෙසට, “මෙහෙකාරිය”, “මෙහෙකරුවා” වැනි යෙදුම් අතීතයේ ඇතැම් වෘත්තීන් සම්බන්ධයෙන් තිබූ පසුගාමී අදහස් නියෝජනය නොකරන්නේදැයි පාඨක අප ඇසිය යුතු වේ. එසේ නම්, වර්තමානයේදී වඩාත් නිදහස්, වෘත්තිමය සම්බන්ධතාවයන් බවට පත්ව ඇති එම වෘත්තීන් හැඳින්වීම සඳහා වඩාත් යෝග්‍ය යෙදුම් භාවිතා කළ යුතු නොවන්නේ ද යන පැනය ද පැන නඟී.
මෙහිදී එකම පුවතක් වාර්තාකිරීම සඳහා, විවිධ පුවත්පත් තම සිරස්තලයේ භාවිතා කර ඇති යෙදුම් පහත දක්වා ඇත.
ඔබ සිතන ලෙසට,
1)”මෙහෙකාරිය” වැනි යෙදුම් වෙනුවට “සේවිකාව” වැනි යෙදුමක් වඩාත් උචිත නොවන්නේද? එසේ නැතිනම් ඊට වඩාත් යෝග්‍ය වෙනත් යෙදුම් ඔබට යෝජනා කළ හැකිද?
2) “මෙහෙකාරිය” වැනි නාමකරණයන් ඔස්සේ වර්තමානයේ පවත්නා සේවානියුක්ත-සේවායෝජක සම්බන්ධතාවයට වඩා වෙනස් වූ ස්වාමි-සේවක සම්බන්ධතාවයක් හැඟවෙන්නේ නැතිද? “මෙහෙකාරිය” වැනි වදන් ඔස්සේ වඩාත් පසුගාමී සමාජ සම්බන්ධතාවයක් නොපෙන්වන්නේ ද?
සාධාරණ හා ප්‍රගතිගාමී වාර්තාකරණයක් වෙනුවෙන් පෙනී සිටිමු.


0 Comments