Ethics Eye

වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත

වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි.

මේ පිළිබඳව මැයි 25, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, මැයි 26, 2025 දින සිංහල පුවත්පත් වාර්තා වී තිබූ ආකාරයත්, එමෙන්ම ප්‍රසිද්ධ වෙබ් අඩවියක පුවත පලවී තිබුනු ආකාරය හරහා උල්ලංඝනය වී තිබූ මාධ්‍ය ආචාර ධර්මයන් පහත පරිදි වේ.

  • දිවි තොර කර ගත් ආකාරය සඳහන් කිරීම ඔස්සේ, එම ආකාරය අනුගමනය කරමින් සිදුවන අනුකාරක දිවි තොර කර ගැනීම් වලට ඉඩ ඇති කිරීම්.
  • හදිසි උපකාරක අංක සඳහන් නොකිරීම හරහා, දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුට ජීවිතයක් අහිමි කර ගැනීමට මඟ පෑදීම.
  • දිවි තොර කරගත් පුද්ගලයාගේ ඡායාරූප පළ කිරීම තුලින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම.

මේ අතුරින් වඩාත් ආචාර ධර්මාණුකූලව සිදු කල වාර්තාකරණයන්ට අපේ ස්තුතිය.

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

CCCline – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

ශාන්ති මාර්ගම් – 0717639898

(YouTube වෙත එක් කොට තිබූ, මැයි 25, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන්, මැයි 25, 2025 දින තෝරාගත් සිංහල පුවත්පත් සහ ප්‍රසිද්ධ වෙබ් අඩවියක පලවූ වෙබ් අඩවි ලිපියක් ඇසුරිණි.)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This