Ethics Eye

වරද බාලවයස් දරියගේද? තරුණයාගෙද?

ඔක්කම්පිටිය පොලිස් වසමේ පහළගම ප්‍රදේශයේ බාලවයස් දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ තරුණයෙකු පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇරඹුණු බවට පුවතක්, දිවයින සහ දිනමිණ පුවත්පත් (ජන. 24, 2025) තුළ දක්නට ලැබිණි.

* දිවයින සිරස්තලය – “කනේ අමාරුවක් බව පවසා නිවසේ සිටි දැරිය මව එන විට වැරදි පාරක ගිහින්”
* දිනමිණ සිරස්තලය – “බාලවයස්කාර දැරියක් පන්නාගෙන ගිය තරුණයා සොයා පරීක්ෂණ”
* පුවත් දෙකේම අන්තර්ගතය තුළ, මෙය “බාලවයස්කාර දැරියක් පන්නාගෙන යෑමක්” ලෙසින් දැක්වී තිබේ.

වයස අවුරුදු 16 ට අඩු අයෙකු- එනම් බාලවයස්කරුවෙකු, නීත්‍යානුකූල භාරකාරත්වයේ කැමැත්ත නොමැතිව ගෙන යෑම හෝ යෑමට පෙළඹවීම, “නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමක්” ලෙසින් සලකනු ලැබේ (දණ්ඩ නීති සංග්‍රහයේ 352 වගන්තිය). මෙහිදී බාල වයස් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ කැමැත්ත එයට තිබෙන්නේද යන්න අදාළ නොවේ. මන්දයත්, එවැනි දෙයකට කැමැත්ත ලබාදීමට යෝග්‍ය වයසක ඔවුන් නොසිටින්නේ යැයි නීතියෙන් සැලකෙන බැවිනි.

1) එවැනි පසුතලයක, මෙම පුවත වාර්තා කරන දිවයින, මෙම බාලවයස්කාර දැරියට වරද සම්බන්ධයෙන් දෝෂාරෝපණය කිරීම කෙතරම් වගකීම් සහගත ද?

2) එසේම, දිවයින සිරස්‍තලය මගින්, බාලවයස් දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමක් සුළු කොට නොදක්වන්නේ ද? ඒ ඔස්සේ, මෙවැනි සිදුවීම් වලදී වරදකරු අත ඇති වගකීම පිළිබඳ වඩා සැහැල්ලු ආකල්පයක් සමාජගත නොවන්නේ ද?

3) ඒ අනුව, මෙම පුවත ඉදිරිපත් කිරීමේදී වඩා සුදුසු යෙදුම වන්නේ “බාලවයස්කරුවෙකු නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම” වුවත්, දිවයින සහ දිනමිණ අතුරින් වඩාත්ම යෝග්‍ය වාර්තාකරණය ලෙසින් ඔබ තෝරාගන්නේ කුමක්ද?

බාලවයස්කරුවන් හට සිදු කරන වැරදි සම්බන්ධයෙන් වගකීම් සහගතව වාර්තා කරමු!

මූලාශ්‍ර:
https://childprotection.gov.lk/…/Trafficking_Manual…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This