විදෙස් ජාතීන් හැඳින්වීමට කොන් කරන සුළු යෙදුම් භාවිතා නොකරමු!
චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට “චීනා” සහ “චීනුන්” වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ භීතිකාවක් පවා ප්‍රවර්ධනය වීමේ අවදානමක් නොමැත්තේ ද යන ගැටළු, මින් පෙර ද Ethics Eye මගින් පාඨකයන් වෙත ඉදිරිපත් කොට තිබේ.
පහත දක්වා ඇත්තේ නීති විරෝධී මත්පැන් අලෙවි කළ චීන ජාතික ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් පෙබ. 13 සහ 18 යන දිනවලදී සිංහල පුවත්පත් කිහිපයක වාර්තා වී තිබූ ආකාරයයි.
ඒ අනුව, ලංකාදීප සිරස්තල සමඟ සසඳන විට, දිනමිණ සහ අද සිරස්තල වඩාත් යෝග්‍ය ලෙසින් ලියැවී ඇතැයි ඔබ නොසිතන්නේ ද?
විදෙස් ජාතීන් හැඳින්වීමට කොන් කරන සුළු යෙදුම් භාවිතා නොකරමු!


0 Comments