‘සුද්දා’ නවත්වමු!
පුවත – රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය ගෙන ආ විදේශිකයෙකු ගුවන් තොටුපොළැ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනී ඇත.
ජනවාරි 22, 2025 මව්බිම සහ දිනමිණ මෙය වාර්තා කරයි.
* මව්බිම සිරස්තලය – “”හෂීෂ්” සහ “කුෂ්” ගෙනා සුද්දා කටුනායකදී කොටු”
* දිනමිණ සිරස්තලය – “කෝටි තුනකට අධික හෂීස්-කුෂ් රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතිකයා අධිකරණයට”
සමාජය තුළ තවමත් භාවිතා වූවත්, “සුද්දා”, “සුද්දෝ” වැනි සමේ වර්ණය පදනම් කරගත් කොන් කරනා සුළු යෙදුම් මාධ්‍ය භාවිතා කිරීම අවශ්‍යදැයි අපි මින් පෙරද අසා ඇත්තෙමු.
එවැනි යෙදුම් වෙනුවට, “බ්‍රිතාන්‍ය ජාතිකයා” ලෙසින් අදාළ විදේශිකයාගේ ජාතිකත්වය ඔස්සේ හෝ, නැතිනම් “විදේශිකයා” වැනි යෙදුම් භාවිතය ඔස්සේ, සමේ වර්ණය පදනම් කොට ගනිමින් විදේශිකයින්ව කොන් කිරීමේ ආකල්ප සමාජයෙන් තුරන් කොට දැමිය නොහැකිදැයි අප ඇසිය යුතු වේ. එය සංචාරක ව්‍යාපාරය ප්‍රධාන තැනක් ගන්නා ලංකාව වැනි රටකට අත්‍යවශ්‍ය ආකල්පමය වෙනසක් නොවන්නේදැයිද අපි එලෙසින්ම ඇසිය යුතු වේ.
ඒ අනුව, ඔබ තෝරාගන්නා සිරස්තලය කුමක්ද?
සමේ වර්ණය පදනම් කර ගනිමින් විදේශිකයින්ව කොන් කිරීම් නොකරමු!


0 Comments