”හදි කිරීමක්” ද?ලිංගික අපයෝජනයක් ද?
බාලවයස්කාර සිසුවියකට බරපතළ ලිංගික අපයෝජන කළ බවට චෝදනා ලැබූ දෙදරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියමවීමේ පුවතක් ේ වාර්තා වී තිබුණේ මෙසේය.
* “බාලවයස්කාර සිසුවියකට හදි කළ දෙදරු පියා දස වසකට මහුඋළුගෙදර යවයි” – දිවයින
* “ශිෂ්‍යාවක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය: වරදකරු වූ දෙදරු පියාට වසර 10ක සිරදඬුවමක් සමඟ දඩයක්” – දිනමිණ
ඔබ සිතන ලෙසට,
1) බාලවයස් පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයක් සිදුවී ඇති බව, එවැනි වරදක නිසි බරපතළ භාවය සහිතව, දිවයින සිරස්තලයෙහි දැක්වෙන “හදි කළ” වැනි යෙදුම් ඔස්සේ නිවැරැදිව සන්නිවේදනය වන්නේද?
2) පුවතේ අන්තර්ගතයේ දැක්වෙන පරිදිම සිරස්තලයේද ලිංගික අතවරයක් යැයි දැක්වීම වඩාත් උචිත සහ මාධ්‍ය ආචාර ධාර්මික ප්‍රවේශයක් නොවන්නේද?
ඒ අනුව මෙම සිදුවීම වඩාත් යෝග්‍ය ලෙසින් වාර්තා කර ඇති පුවත් වාර්තාව(න්) ලෙසින් ඔබ තෝරා ගන්නේ කුමක්ද?
ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!


0 Comments