Ethics Eye

”හදි කිරීම”, ”කෙලෙසීම” වෙනුවට ලිංගික අපරාධය?

තලංගම ප්‍රදේශයේදී කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සමූහ ලිංගික අපරාධයක් මාර්තු 16, 2025 දින හිරු රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි.

සිරස්තල – “තලංගමදී කතකට හදි කළ තිදෙනෙක් සොයයි”

අන්තර්ගතය – “තලංගමදී කතක් කෙලෙසූ තිදෙනෙක් සොයයි”

1) සිරස්තලය තුළ ඇති “හදි කළ” ඔස්සේ සිදුවී ඇති මෙම ලිංගික අපරාධයෙහි බරපතලභාවය නිවැරදිව සන්නිවේදනය වන්නේද?

2) ලිංගික අපරාධයන් හැඳින්වීම සඳහා “කෙලෙසීම” යන්න භාවිතා කිරීමෙන් ලිංගික අපරාධයකට මුහුණ දුන් අයෙකු අපවිත්‍ර වී ඇති බවට අදහසක් ඇති නොවන්නේද? එමගින්, ලිංගික අපරාධයන්ට මුහුණ දුන් අය සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා කොන් කිරීමේ ආකල්පයන් තවදුරටත් තීව්‍ර වීය නොහැකිද?

ලිංගික අපරාධ වගකීම් සහගතව වාර්තා කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This