Ethics Eye

හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයෙන් බැහැර වෙමු!

වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේ සැමියෙකු විසින් තම බිරිඳ ඝාතනය කර, ඉන්පසු ඔහු පොලිසියට භාර වීමේ පුවතක් මාධ්‍ය තුළ වාර්තා වී තිබිණි.

මෙම එකම සිදුවීම සම්බන්ධයෙන්, අරුණ පුවත්පතේ එකම දිනයක (ජුනි 04, 2025) පළ වී තිබුණු පුවත් වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත.

* පිටුව 3 – “පුලියන්කුලම ගිනියම් කරමින් අනියම් පෙම ඝාතනයකින් කෙළවර වෙයි”

* * පිටුව 13 – “වවුනියාවේ පුද්ගලයෙකු බිරිඳගේ ගෙල කපා හිස පොලිසියට ගෙනැවිත්”

1) ඉහත සිරස්තල සළකා බැලීමේදී, 3 වෙනි පිටුවේ සිරස්තලය පුවතට හැඟීම් කළඹවන සුළු බවක් ලබා නොදෙන්නේද? එමගින් පාඨකයාට අපක්ෂපාතීව පුවතට අදාළ කරුණු පමණක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඉවත් නොවන්නේ ද?

2) කාන්තාවගේ බාහිර රූපය මෙම ඝාතන පුවතට අදාළ වන්නේ කෙසේ ද?

3) ඝාතනයට හේතු වී ඇත්තේ කාන්තාවගේ “අනියම් පෙම” යැයි අවධාරණය කිරීමෙන් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය වීමට ඉඩ ඇතැයි ඔබ නොසිතන්නේද?

පෞද්ගලික ආරවුලක්” ලෙස සඳහන් කිරීම ප්‍රමාණවත් නොවේද?

හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයෙන් බැහැර වෙමු!

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය නොකරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This