2026 අගෝස්තු 14 වන දින පළ වූ අරුණ පුවත්පත, එහි වෙබ් පිටුව සහ ෆේස්බුක් පිටුව ඇසුරින්.
මාධ්‍ය වාර්තාකරණයේදී මෙම භාවිතය ගැටලු සහගත වන්නේ ඇයි?
*අදාළත්වය: රූපය අදාළ නොවන්නේ නම්, සැකකාර කාන්තාවකගේ රූපය පුවතේ හරයට අදාළ නොවේ. අවධානය යොමු විය යුත්තේ සිදුවීමේ නීතිමය හා සමාජීය පසුබිමටයි.
*සමාජ අගතිය: කාන්තාවන් විනිශ්චය කළ යුත්තේ බාහිර පෙනුම මතය යන මතය තවදුරටත් තහවුරු කළ හැක.
*භාවාතිෂමය බව (Sensationalism): ”සුරූපී” යන යෙදුම මගින් සිදුවීමේ බරපතලකම යටපත් වී, එය පාඨකයා පිනවන කතන්දරයක් බවට පත් කරයි.
පුවත් යනු පෙනුම නොවේ. අවශ්‍ය තැනදී අදාළ කරුණු පමණක් වාර්තා කරමු!


0 Comments