Ethics Eye

“අනංග සිද්ධියක්” ද?ලිංගික හිංසනයක් ද?

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකාර දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට සිදු වන හිංසන සම්බන්ධයෙන් හා ඒ පිළිබඳව බාහිර විමර්ශනයක් පවත්වන ලෙසට සියලුම මන්ත්‍රීවරියන්ගෙන් කතානායකට පැමිණිල්ලක් බාර දී ඇති බව ලංකාදීප පුවත්පත පෙබ. 17 සහ 21 යන දිනවල වාර්තා කර තිබුණේ පහත අයුරිණි.

පෙබ. 17 ලංකාදීප සිරස්තල – “මැතිසභයේ අනංග සිද්ධිය: විමර්ශන ලත් තැනම ලොප්”
පෙබ. 21 ලංකාදීප සිරස්තල – “මැතිසභා අනංග සිද්ධිය: මන්ත්‍රීනියන්ගෙන් කතානායකට පැමිණිල්ලක්”

ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී, ශෘංගාරය නැතිනම් ප්‍රේමය සම්බන්ධයෙන් සංකේතවත් වන “අනංග” යන්න යොදා ගැනීම ඔස්සේ මෙම සිදුවීමේ බරපතල භාවය සැහැල්ලු කොට නොදැක්වෙන්නේ ද?

පාර්ලිමේන්තුවේ සේවය කරන කාන්තාවන්ට සිදුවන බවට පැවසෙන ලිංගික හිරිහැර එසේ සැහැල්ලු කොට දැක්වීමෙන්, මෙවැනි වරදක් සාමාන්‍යකරණය වූ ආකල්පයක් සමාජය තුළ ඇති නොවන්නේද?

ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This