Ethics Eye

ඍණාත්මක සන්දර්භයන් ඇති පුවත් තුළ කාන්තාවන් පමණක් ඉස්මතු කිරීම.

මාධ්‍ය තුළ පළ වන ඇතැම් පුවත් වාර්තාවන්හි, එකම වරද සිදුකළ කාන්තාවන් සහ පිරිමින් නීතියට හසුවූ අවස්ථාවකදී, කාන්තාව පමණක් වඩාත් ඉස්මතු කොට දැක්වීමේ භාවිතාවක් දක්නට ලැබේ. එනම්, එහිදී කාන්තාව සහ පිරිමියා විසින් එකම වරද සිදුකරනු ලැබූ අවස්ථාවකදී වුවත්, කාන්තාව කළ වරදට වැඩි බරක් යොදා පෙන්වීමක් දක්නට ලැබේ.

මෙසේ සෘණාත්මක සන්දර්භයන් තුළ කාන්තාව පමණක් ඉස්මතු කිරීම ඔස්සේ සිදුවන්නේ, කාන්තාවක් සිදුකරනා වරදක බරපතළ බව පිරිමියෙකු සිදුකරනා එම වරදේම බරපතළ බවට වඩා වැඩි යැයි හැඟවීමකි.

ඒ අනුව පහත දැක්වෙන්නේ 2023, 2024 සහ 2025 යන වසර වලදී පළමු කාර්තුව තුලදී තෝරාගත් සිංහල භාෂා පුවත්පත් තුළ, එකම වරද සිදුකළ කාන්තාවන් සහ පිරිමින් නීතියට හසුවූ අවස්ථාවකදී, කාන්තාව පමණක් වඩාත් ඉස්මතු කොට දැක්වීමේ අවස්ථා වාර ගණනයි.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This