Ethics Eye

එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාවන් පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ.

ලංකාදීප පුවත්පත තුළ (සැප්තැම්බර් 9, 2025) වාර්තා වූ පුවතක් මෙහිදී නිදසුන් ලෙසින් ගත හැක.

සිරස්තලය: “ලුනාවේ ගෑනු 11ක් ජයටම සූදු කෙළලා”
අන්තර්ගතය: “සූදු පිටියක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවෝ එකොළොස් දෙනෙකු ඇතුළු පහළොස් දෙනෙකු”

යම් වරදක් සම්බන්ධයේදී කාන්තාවන් පමණක් ඉස්මතු කොට දක්වන්නේ මන්ද?

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සහභාගි වූ වරදක වැඩි වගකීමක් කාන්තාවන්ට පමණක් පැවරෙන්නේ කෙසේද?

කාන්තාවන් කොන් නොකරන වාර්තාකරණයකට හුරුවෙමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This