”කුඩ්ඩා” ලේබල් කිරීම් නැතුව බැරිද?
මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත රැඳි වගකීමක් ඇත. එහිදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ කොන් කිරීමේ හෝ ගර්හාවේ ආකල්පයක් ජනිත කරවන සුළු යෙදුම් හෝ අදහස් පළ නොකරන ලෙසට ජ්‍යාත්තන්තර මාර්ගෝපදේශයන් මාධ්‍ය වෙත නිර්දේශ කරයි.
එවැනි පසුබිමක, ලංකාදීප පුවත්පතේ (මාර්. 25, 2025) පළ වූ ප්රවෘත්තියක සිරස්තලයේ පහත ආකාරයට “කුඩ්ඩා” යන යෙදුම සඳහන් වී තිබිණි.
“කුඩ්ඩා” වැනි සෘණාත්මක ලේබල්කරණයන් තුළින්, මත්ද්‍රවය භාවිත කරන්නන් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින ගර්හාවේ සහ කොන් කිරීමේ ආකල්පයන් තීව්ර වීය හැක. එමගින්, පුනරුත්ථාපනයෙන් පසුව හෝ ඔවුන්ට සමාජයට එක් වීම අසීරු වේ.
සහකම්පනය පදනම් කරගත් වාර්තාකරණයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට විය හැකි හානිය අවම කිරීමට හැකියි.
ධනාත්මක සමාජයක් වෙනුවෙන් සෘණාත්මක ලේබල්කරණයන්ගෙන් වලකිමු!


0 Comments