Ethics Eye

”කුඩුකාරයන්” ලේබල් කිරීම් අනුමත කළ හැකිද?

මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත රැඳි වගකීමක් ඇත. එහිදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ ගර්හාත්මක හෝ කොන් කරන ආකාරයේ යෙදුම් හෝ අදහස් පළ නොකරන ලෙසට ජ්‍යාත්තන්තර මාර්ගෝපදේශයන් මාධ්‍ය වෙත නිර්දේශ කරයි.

එවැනි පසුබිමක, වෛද්‍යවරයෙකු මත්ද්‍රව්‍ය භාවිතා කරන අතරතුරදී දූෂණ මර්දන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගැනීමේ පුවත පදනම් කොටගත් අප්‍රේල් 1 ලංකාදීප කතුවැකිය දෙස බලමු.

මෙම කතුවැකිය, මෙරට මත්ද්‍රව්‍ය සමාජ ගැටලුවක් ලෙසින් ව්‍යාප්ත වීම කෙරෙහි අවධානය යොමු කිරීමේ ධනාත්මක අරමුණකින් ලියැවී ඇති බව පෙනී යයි. කෙසේ නමුත්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් “කුඩුකාරයන්” ලෙස හැඳින්වීම ඔස්සේ, ඔවුන්ව ඍණාත්මක ලේබල්කරණයකට ලක් වීමට හැක.

“කුඩුකාරයන්” වැනි ඍණාත්මක ලේබල් කිරීම් ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පිළිබඳව පවතින සමාජ ගර්හාව සහ කොන් කිරීම තවත් තීව්‍ර විය හැක. ඒ අනුව, ඔවුන්ට පුනරුත්ථාපනයකින් පසුව වුවද සමාජයට එක්වීමට අසීරු විය හැක.

ගර්හාවෙන් සහ කොන් කිරීමෙන් තොර මාධ්‍යකරණයක් සඳහා පෙළ ගැසෙමු.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This