ගැටලුව: ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී හාස්‍යජනක යෙදුම්, වචන හරඹ, ව්‍යංගාර්ථ හෝ අතිශයෝක්තියට නංවන භාෂා ශෛලියක් භාවිතා කිරීම මාධ්‍ය තුළ බොහෝ විට දක්නට ලැබේ. වාර්තාකරණය A ද එවැනි නිදසුනකි.
බලපෑම: මෙවැනි වාර්තාකරණයන් මගින් සිදුවීමේ බරපතලකම හීන වන අතර අපරාධයට ගොදුරු වූ පුද්ගලයාගේ අවංකභාවය ප්‍රශ්න කිරීමට පාඨකයා පෙළඹවිය හැක.
විසඳුම: ලිංගික අපරාධ වාර්තාකරණයේදී අපරාධයේ පවතින බරපතලකම මැනවින් ප්‍රකාශ වන, අපරාධයට ගොදුරු වූ පුද්ගලයින්ගේ අත්දැකීමට ද හානි නොවන, ඍජු සහ පැහැදිලි යෙදුම් භාවිත කරමු.


0 Comments