“ගුරා” වෙනුවට “ගුරුවරයා”
ජපානයේ ශිෂ්‍යත්ව ලබා දෙන බව පවසා, ජපන් භාෂා ගුරුවරයෙකු තමන්ගේ සිසුන් කිහිප දෙනෙකු රවටා මුදල් වංචා කළ පුවතක් 2025.11.04 දින දිනමිණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ කර තිබූ ආකාරය පහත දැක්වේ.
පුවත් වාර්තාකරණයේදී වඩාත් යෝග්‍ය වන්නේ එම පුවතට අදාල කරුණු ඉදිරිපත් කිරීමයි. එම ඉදිරිපත් කිරීමේදී පූර්ව විනිශ්චයකින් තොරව එය සිදු කිරීම වඩාත් වැදගත් වේ. පූර්ව නිගමන තිබේ නම්, සිද්ධියේ සියලු කරුණු පක්ෂග්රාහී නොවී වාර්තා කිරීමට අපහසු වන අතර ඒ මඟින් පක්ෂග්රාහී වාර්තාකරණයකට මඟ පෑදිය හැක.
මෙම පුද්ගලයා “ගුරා” ලෙස හැඳින්වීම ඔස්සේ , සමස්ත ගුරු වෘත්තිය පිළිබඳව ගර්හාත්මක ආකල්පයක් ජනිත නොවන්නේද?
අදාළ සැකකරු හැඳින්වීම සඳහා, ලංකාදීප සිරස්තල තුළ දක්වා ඇති “ගුරා” යන්න වෙනුවට, ලංකාදීප අන්තර්ගතයේ සහ දිනමිණ සිරස්තලයේ ඇති “ගුරුවරයා” යන්න වඩාත් උචිත නොවන්නේද?


0 Comments