Ethics Eye TV Coverage

ගොවි උද්ඝෝෂණ: ඉල්ලීම්, පාගමන් සහ සත්‍යග්‍රහ සඳහා ලබා දී තිබූ ගුවන් කාලය

2026 ජූනි 16 සිට 29 දක්වා වූ සති දෙක තුළ, වී සඳහා සාධාරණ මිලක් ඇතුළු විවිධ ගැටලුවලට විසඳුම් ඉල්ලා රට පුරා ප්‍රදේශ රැසක ගොවි උද්ඝෝෂණ, සත්‍යග්‍රහ සහ පාගමන් සංවිධානය කෙරිණි. පහත දැක්වෙන්නේ එම උද්ඝෝෂණ වලට රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන්හි ලබා දී තිබූ ගුවන් කාලය පිළිබඳ දත්ත විශ්ලේෂණයකි. මෙම කාලසීමාව රජය විසින් යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කිරීමට පෙර වූ අවසන් සති දෙක ආවරණය කරයි. රජය විසින් යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කිරීම කරේ ජූනි 30, 2026 දිනදීය .

සැලකිය යුතුයි: මෙම දත්ත සකස් කර ඇත්තේ 2026 ජූනි 16 සිට 29 දක්වා කාලය තුළ එක් එක් රූපවාහිනී නාලිකාවේ රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන්හි ගොවි උද්ඝෝෂණ, සත්‍යග්‍රහ, උපවාස, පාගමන් සහ ඒ ආශ්‍රිත විරෝධතා ක්‍රියාකාරකම් සඳහා වෙන් කළ ගුවන් කාලය (Airtime) තත්පරවලින් ගණනය කිරීමෙනි.

ගුවන් කාලයට ඇතුළත් කර ඇත්තේ ගොවි උද්ඝෝෂණ ආවරණය කරන ප්‍රවෘත්ති සහ විරෝධතා භූමියේදී ගොවීන්, ගොවි සංවිධාන නියෝජිතයන් හා විවිධ පිරිස් ලබාදුන් ප්‍රකාශ පමණි. උද්ඝෝෂණවලට අදාළ නොවන මාධ්‍ය හමු, විරෝධතා ගැන අනිත් පාර්ශව/දේශපාලන ප්‍රතිචාර, රජයේ ප්‍රකාශ, ගොවි ගැටලු පිළිබඳ සාකච්ඡා හෝ විශ්ලේෂණාත්මක වැඩසටහන් සහ විරෝධතා භූමියෙන් බැහැරව ලබාගත් අදහස් ගුවන් කාලයට ඇතුළත් කර නොමැත.

මූලාශ්‍රය: YouTube වෙත එක් කර ඇති 2026 ජූනි 16 සිට 29 දක්වා තෝරාගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිනි.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This