Ethics Eye

“චීන්නු” වෙනුවට “චීන ජාතිකයින්”

අගෝස්තු 14, 2025 දින දිනමිණ, මව්බිම, අරුණ පුවත්පත් වල  සිරස්තලයේ චීන ජාතිකයන් හැඳින්වීමට “චින්නු” යන වචනය යොදාගෙන ඇති අයුරු පහත පෙන්වා ඇත.  

 බොහෝ විට සිංහල පුවත් තුල “චීන්නු” යන්න යොදන්නේ සෘණාත්මක සන්දර්භයක් තුලය.  විශේෂයෙන්ම,  නීති විරෝධී හෝ සමාජ විරෝධි ක්‍රියාවක් පිළිබඳව කතා කිරීමේදී මෙම වචනය භාවිතා වේ.      

මෙවැනි භාවිතයන් තුළින් “චීන්නු”  යන්නට යම් අවමානයක්  මුසු වූ අර්ථයක් එකතු විය හැක.   

“චීන්නු” යනුවෙන් භාවිතා කිරීම නිසා ඇතිවන ප්‍රධාන ගැටලුවක් විය හැක්කේ එය සමස්ත චීන ජාතියම නිෂේධනාත්මක ඒකාකෘතියකින්/අච්චුවකින් නිරූපණය කිරීමයි. මෙමඟින් ජාතිවාදී හැඟීම් සමාජය තුළ වර්ධනය වීමට හේතු විය හැක.    

“චීන්නු” සහ “චීන ජාතිකයින්” අතර ඇති වෙනස:  

මෙම ගැටලුවට විසඳුමක් ලෙස වඩාත් නිවැරදි  වන “චීන ජාතිකයින්” යන්න භාවිතයට යෝජනා කළ හැක.    

“චීන ජාතිකයින්” යන වචනය වඩාත් විධිමත්ය.    

මෙමඟින් වාර්තාවකට අවශ්‍ය නිවැරදි බව සහ වෘත්තීය භාවය ආරක්ෂා වේ.    

එය පුද්ගලයාගේ හෝ කණ්ඩායමේ ජාතිකත්වය පමණක් හඳුන්වන අතර, සෘණාත්මක අර්ථයන් හෝ ඒකාකෘතිකරණයන් මඟ හරවයි.    

ප්‍රවෘත්ති වාර්තාකරණයේදී  “චීන්නු” වෙනුවට “චීන ජාතිකයින්” යනුවෙන් භාවිතා කරමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This