Ethics Eye

තරුණියන් පමණක් ඉස්මතු කරන්නේ ඇයි?

වැලිකඩ පොලීසිය විසින් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 32කු අත්අඩංගුවට ගත් පුවතක් 2025 දෙසැම්බර් 02 දින ලංකාදීප පුවත්පතේ පහත පරිදි දක්වා ඇත.

එකම වරදකට කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම අත්අඩංගුවට ගත් අවස්ථාවකදී, මෙසේ කාන්තාව පමණක් විශේෂ කොට දක්වන්නේ ඇයි?

එම සැකකරුවන්ගේ ස්ත්‍රී පුරුෂභාවය පුවතට අදාලද?

එය එසේ අදාල නොමැති අවස්ථාවක, ස්ත්‍රී පුරුෂභාවය විශේෂකොට දැක්වීමෙන් සිදුවන්නේ එම වරදෙහි වැඩි වගකීම එක් පාර්ශවයකට පමණක් පැවරීම නොවේද?

පුවතට අදාල නොවන අවස්ථාවන්හිදී, ස්ත්‍රී-පුරුෂභාවය විශේෂ කර දැක්වීමෙන් වලකිමු! වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This