Ethics Eye

දිවි තොර කර ගැනීම්:වගකීම් සහගත වාර්තාකරණය ගැන වගකීම් විරහිත වාර්තාකරණයක්?

දිවිතොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සඳහා පැවැත්වුණු වැඩමුළුවක් පිළිබඳව අරුණ පුවත්පත ( මාර්තු 06, 2025) මුල් පිටුව තුළ වාර්තා කර තිබිණි.

මේ අතරම, එදින අරුණ පුවත්පතේම තවත් පිටුවක ඝාතන-දිවි තොර කර ගැනීමේ තැතක් සම්බන්ධයෙන් පුවතක් ද වාර්තා වී තිබිණි.

දිවිතොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් සඳහා පැවැත්වුණු මෙම වැඩමුළුව පිළිබඳව වාර්තා කරන අතරතුරදීම, එම පුවතත්, ඝාතන-දිවි තොර කර ගැනීමේ තැත් කිරීමක් ද වගකීම් සහගත නොවන අයුරින් වාර්තා වී ඇති බව අපට නිරීක්ෂණය විණි.

මෙම පුවත් වාර්තා දෙකේම සිරස්තල තුළ දිවි තොර කර ගැනීමට හා ඊට තැත් කිරීම සඳහා යොදාගත් ආකාරයන් සිරස්තලය තුළම දැක්වී තිබිණි.

දිවි තොර කර ගැනීම් හෝ ඝාතන-දිවි තොර කර ගැනීම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී – විශේෂයෙන්ම සිරස්තල තුළ- ඒ සඳහා භාවිතා වූ ක්‍රමයන් සඳහන් නොකරන මෙන් මාධ්‍ය මාර්ගෝපදේශයන් ඔස්සේ උපදෙස් ලබා දෙන්නේ, එමගින් එම ක්‍රමයන් භාවිතා වන අනුකාරක සිදුවීම් වලට මගපෑදීමේ ඉඩක් පවතින හෙයිනි.

එසේම, දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී හදිසි උපකාරක අංක සඳහන් කිරීමද අත්‍යාවශ්‍ය වන්නේ, එය තවත් ජීවිතයක් බේරාගැනීමට උපකාරී වනු ඇති බැවිනි. මෙම වැඩමුළුව පිළිබඳ පුවත් වාර්තාව තුළ පවා දිවි තොර කර ගැනීම් ඉහළ යෑම සහ ඊට භාවිතා වන ක්‍රම සම්බන්ධයෙන් සඳහන් වන නිසා, ඒ සමඟින් හදිසි උපකාරක අංක සඳහන් කිරිම වැදගත් වේ.

ඉහත මාර්ගෝපදේශයන් පිළිපදිමින් දිවි තොර කර ගැනීම් පිළිබඳ යහපත් මාධ්‍යකරණයක යෙදෙන්නට හැකියි.

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:
* CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

මූලාශ්‍ර:
https://www.nsrf.ie/…/Briefing_Murder-suicide_NSRF_26…
https://media.samaritans.org/…/Guidance_for_reporting…
https://www.who.int/publications/i/item/9789240076846

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This