දිවි තොර කරගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
මේ දිවි තොර කරගැනීම් වැළැක්වීමේ මාසයයි.
2026.09.14 දින සිට 2026.09.17 දක්වා වාර්තා වූ දිවි තොර කරගැනීමේ
පුවත් සහ ගැටලු තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්.
දිවි තොර කරගත් ආකාරය වාර්තා නොකළ යුත්තේ ඇයි?
මෙමඟින් දිවි තොර කර ගැනීමට හෝ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ නැඹුරුතාවයක් ඇති පුද්ගලයන් එය අනුකරණය කිරීමට පෙළඹිය හැක.
දිවි තොර කරගැනීමට පෙර අවසන් වරට ලියූ ලිපිවල කොටස් පළ නොකළ යුත්තේ ඇයි?
මෙමඟින් අනුකාරක දිවි තොර කරගැනීම් සඳහා අනුබල දීමක් සිදු විය හැක.
උපකාරක අංක පළ කළ යුත්තේ ඇයි?
මෙමඟින් පීඩාවට පත් අයෙකුට ක්ෂණිකව සහාය වීමටත්, අවදානම් සිතුවිලි වෙනතකට යොමු කර ජීවිත රැක ගැනීමටත් සෘජුවම හැකියාව ලැබේ.


0 Comments