දූෂණය වෙනුවට….
026 පෙබරවාරි 19 දින දිවයින පුවත් පතේ පළ වූ සිදුවීම් දෙක කෙටියෙන්:
1. දියණිය ලිංගික අපයෝජනයට ලක්ව වසර 10ක් ගත වුවද, සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් දෙමව්පියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීම.
2. පාසල් ශිෂ්‍යාවක ලිංගික අපයෝජනයට ලක් කර සැඟවී සිටි සැකකරුවෙකු මොණරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම.
*ගැටලුව: ලිංගික අපරාධ හැඳින්වීමේදී “දූෂණය” යන්න භාවිත කිරීම.
*ඍණාත්මක බලපෑම: මෙම යෙදුම මගින් අපරාධයට ලක් වූ තැනැත්තා ‘කිලිටි’ හෝ ‘අපවිත්‍ර’ වූ බවට වැරදි සමාජීය හැඟවීමක් ඇති කරයි. මෙවන් තැනැත්තන් කෙරෙහි සමාජයෙන් එල්ල වන ගැරහුම් සහ කොන්කිරීම් තවදුරටත් උග්‍ර වීමට මෙය හේතු විය හැකිය.
*යෝජිත විසඳුම: මාධ්‍ය වාර්තාකරණයේදී සහ පොදු කතිකාවේදී “දූෂණය” වෙනුවට “ලිංගික අපරාධය” හෝ “ලිංගික අපයෝජනය” වැනි යෙදුම් භාවිත කිරීම අත්‍යවශ්‍ය මෙන්ම සදාචාරාත්මක සමාජ වගකීමකි.


0 Comments