නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 24.02.2025 වෙනුවට 24.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.
සිදුවීම කෙටියෙන්: සිරමැදිරියක රඳවා සිටි පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය මුසු කළ තේ ලබා දීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගනී.
මෙම වාර්තාවේ ප්‍රධාන ගැටලූ දෙකකි:
1. පුද්ගල ස්වරූපය පළමුව
සිරස්තලයේ සහ පුවත් අන්තර්ගතයේ කාන්තාව හැඳින්වීමට “සුරූපී” යන්න භාවිත කිරීම.
වාර්තාකරණයේදී පුද්ගලයෙකුගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීම එම සිදුවීමේ හරයාත්මක වටිනාකමට අදාළ වන්නේ ද? මෙවැනි යෙදුම් මගින් පාඨක අවධානය සිදුවීමෙන් බැහැර වීමක් නොවන්නේ ද?
*නිර්දේශය: සිදුවීමට අදාළ නොවන එවැනි පුද්ගල විස්තර කිරීම් ඉවත් කර, සිදුවීම පමණක් වාර්තා කිරීම.
අවශ්‍ය තැනදි පමණක් අදාළ තොරතුරු වාර්තා කිරීමේ වැදගත්කම පිළිබඳව අප කළ reel එක මෙතැනින්: https://www.facebook.com/share/v/1GhVnwsTKQ/?mibextid=wwXIfr
2. පූර්ව නිගමනයක් ගම්‍ය කිරීම
අත්අඩංගුවට ගැනීමක් හැඳින්වීමට “මාට්ටු” වැනි පොදු ව්‍යවහාරයේ පවතින යෙදුම් යොදා ගැනීම.
සැකකරුවෙකු සම්බන්ධයෙන් “මාට්ටු” යන්න භාවිත කිරීමෙන් එම පුද්ගලයා වරදකරුවෙකු බවට පූර්ව නිගමනයකට එළඹීමට පාඨකයා පෙළඹවිය හැක.
*ඉහත ගැටලු දෙක මඟහරවා එය වාර්තා කළ යුතුව තිබුණේ කෙසේ ද?
“සිරමැදිරියක රඳවා සිටි පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය ලබාදීමට තැත්කළ කාන්තාවක් අත්අඩංගුවට”


0 Comments