Ethics Eye

මාට්ටු ද? අත්අඩංගු ද?

‘මාට්ටු’ සුදුසුද?

“මාට්ටු” යන වචනය අවිධිමත් භාවිතාවක් නොවන්නේද?

ප්‍රවෘත්ති වාර්තාවකදී අපේක්ෂා කරන්නේ නිවැරදි, වගකිවයුතු සහ විශ්වසනීය තොරතුරු සැපයීමයි. “මාට්ටු” යන්නෙන් එවැනි තොරතුරු සැපයීමකට හානි සිදුවිය හැකි නොවේද?

අපරාධ වාර්තාකරණයේදී පක්ෂග්‍රාහීත්වයෙන් තොරව කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පමණින් එම පුද්ගලයා වැරදිකරුවෙකු යැයි නිගමනය කිරීම සාධාරණ නැත. අධිකරණ ක්‍රියාවලියක් මගින් එම පුද්ගලයා වැරදිකරුවෙකු ලෙස තහවුරු වන තුරු නීතිය ඉදිරියේ “සැකකරුවෙකු” පමණි. “මාට්ටු” යන්න භාවිතය තුළින් පාඨකයා එම පුද්ගලයා පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණිය හැකි නොවන්නේද? මෙය අපක්ෂපාතී වාර්තාකරණයට කෙතරම් ගැළපෙන්නේද?

එසේනම්,

“මාට්ටු” වෙනුවට, “සැකකරු අත්අඩංගුවට ගෙන ඇත” හෝ “සැකකරු අත්අඩංගුවට පත්ව ඇත” යන්න වඩාත් සුදුසු නොවන්නේද?

ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වඩාත් වගකීමෙන් සහ ප්‍රමිතියෙන් යුතුව භාෂාව හසුරුවමු.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This