Ethics Eye

ලිංගික අපරාධයන් හැඳින්වීමේදී “දූෂණය” හෝ “කෙලෙසීම” යන යෙදුම් බහුලව භාවිත වූවත්, එය යෝග්‍ය භාවිතාවක් ද යන්න Ethics Eye අපි මින් පෙර ද ප්‍රශ්න කර ඇත්තෙමු.

එයට හේතු වන්නේ, “දූෂණය” හෝ “කෙලෙසීම” යන යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයකට මුහුණ පෑවෙකු අපවිත්‍ර වූ බවට අදහසක් ගම්‍ය වීමයි. ලිංගික අපරාධයන්ට ලක් වූවන් සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවත්නා ගර්හාත්මක ආකල්පයන්ද සමඟින් බලන විට, එවැනි යෙදුම් ඔස්සේ ලිංගික අපරාධයන්ට ලක් වූවන් තවදුරටත් සමාජය තුළ කොන් වීමේ අවදානමක් නැති දැයි අප ප්‍රශ්න කළ යුතු වේ.

පුද්ගලයෙකු විසින් දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ පුවතක් මව්බිම පුවත්පත විසින් වාර්තා කළ ආකාරය මෙහිදී අපට සලකා බැලිය හැක.

* මව්බිම(2025.09.03)

සිරස්තලයේ “කෙලෙසීම” යනුවෙන් සඳහන් වන අතර පුවත් අන්තර්ගතය තුළ “දූෂණය” ලෙසින් සඳහන් වේ.

ඔබ සිතන ලෙසට, “දූෂණය” හෝ “කෙලෙසීම යන යෙදුම් වෙනුවට ‘ලිංගික අපරාධය’ නැතිනම් ‘ලිංගික අපයෝජනය’ යන යෙදුම් වඩාත් යෝග්‍ය නොවන්නේ ද? 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This