වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සිය දරුවා සමඟ සිය දිවි හානි කරගැනීමට තැත් කිරීමේ පුවතක් සැප්තැම්බර් 9, 2025 දින පුවත්පත් වල වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
මෙම සිදුවීම දිවි නසා ගැනීමේ තැතක් ලෙස වාර්තා කළ තිබුනත්, කිසිඳු වාර්තාකරණයක් උපකාරක අංක සඳහන් කර නොතිබිණි!
මෙවැනි පුවත් වාර්තා කරන විට උපකාරක අංකයක් සඳහන් කිරීම වැදගත් වන්නේ ඇයි?
එමඟින් සියදිවි නසාගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට මහඟු උපකාරයක් විය හැකි බැවිනි.
මෙවැනි පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක.
ආචාරධාර්මික වාර්තාකරණයකදී, සෑම විටකම මෙවැනි පුවත් සංවේදීව වාර්තා කිරීමෙන් ආචාරශීලී මාධ්‍යකරණයේ නියැළීම ඉතා වැදගත් වේ.
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:

CCC line – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ශාන්ති මාර්ගම් – 0717639898

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments