හෙට ජාත්‍යන්තර කාන්තා දිනයයි.
පුවත් වාර්තාකරණයේදී, කාන්තාව සම්බන්ධයෙන් හැඟීම් කළඹවන සුළු (sensational), ඇයව ලිංගික වස්තුවක් ලෙස පෙන්වා දෙන (sexual objectification) ආකාරයේ ප්රවේශයන් කෙතරම් අගති සහිත ද කියා විමසීමට සුදුසුම දිනයද එයයි.
නිදසුනක් ලෙසට, පුද්ගලයන් දෙදෙනකුගේ සිරුරු කළු ගඟෙන් සහ නිවසකින් සොයා ගැනීමේ පුවත ලංකාදීප පුවත්පත (මාර්තු 07, 2025) වාර්තා කර ඇති ආකාරය විමසා බැලිය හැක.
* කළු ඟගෙන් සිරුර සොයා ගෙන ඇත්තේ “රූමත් තරුණියකගේ” යැයි සිරස්තල තුළම දක්වයි.
* එම කාන්තාවගේ ඡායාරූපයක්ද පළ කර ඇත.
* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වයි.
* හදිසි උපකාරක අංක නොදක්වයි.
ඔබ සිතන ආකාරයට,
1) මියගිය තරුණිය “රූමත්” යැයි සිරස්තල තුළම දක්වමින්, ඇගේ බාහිර ස්වරූපය ඉස්මතු කර දැක්වීම පුවතට අදාළ ද? ඡායාරූපයද සමඟින් ගත්විට, මෙම සිරස්තලය ඇයව ලිංගික වස්තුවක් ලෙසින් හැඟවුම්කරණය නොකරන්නේද?
2) දිවි තොර කර ගැනීම සිදු වී ඇති ආකාරය සඳහන් කිරීමත්, හදිසි උපකාරක අංක නොදැක්වීමත්, දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශයන් කඩ කිරීමක් නොවන්නේද?
3) එසේ ගත් විට, මෙම ලංකාදීප පුවත කෙතරම් වගකීම් සහගත වාර්තාකරණයක් ද?
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:
* CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments