2024 Election Update: Elpitiya Pradeshiya Sabha election

මෙම සිරස්තලය පුවතට සුදුසු ද?

මෙම සිරස්තලය පුවතට සුදුසු ද?

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි අදහස සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. ඒ අනුව මාර්තු 28, 2025 දින ලංකාදීප පුවත්පතේ, “මැති...

ඉස්මතු වන වාර්ගිකත්වය අදාළ ද?

ඉස්මතු වන වාර්ගිකත්වය අදාළ ද?

පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම් පුද්ගලයින්ගේ වාර්ගිකත්වය පුවත තුළ සඳහන් නොකරන මෙන් දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආචාර ධර්මයන් තුළ දැක්වේ. කෙසේ නමුත්, "උස්වැටකෙයියාව මත් සාද බිමේ කොටින්ගේ හැඳුනුම්පතක්" යන සිරස්තලයෙන් යුතු ලංකාදීප (මාර්තු 26, 2025) පුවත තුළ අදාළ පුද්ගලයින්...

ප්‍රදීපා ධර්මදාස ද?”හිටපු මන්ත්‍රීගේ බිරිඳ” ද?

ප්‍රදීපා ධර්මදාස ද?”හිටපු මන්ත්‍රීගේ බිරිඳ” ද?

ප්‍රවීණ ගායිකාවක් වන ප්‍රදීපා ධර්මදාසට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උලෙළේ දී විවිධ ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ හා සමාජ පිළිගැනීමට ලක් වූ කාන්තාවන් උදෙසා වූ සම්මානයක් හිමි වී ඇත. මෙම පුවත වාර්තා කල දිවයින පුවත්පත ඇයව "හිටපු මන්ත්‍රී ඩලස්ගේ බිරිඳ" ලෙස සිරස්තලය තුළ දක්වා ඇත....

හිටපු හමුදා ප්‍රධානීන්ට සහ කරුණා අම්මාන්ට එක්සත් රාජධාාණියෙන් සම්බාධක.

හිටපු හමුදා ප්‍රධානීන්ට සහ කරුණා අම්මාන්ට එක්සත් රාජධාාණියෙන් සම්බාධක.

හිටපු හමුදා ප්‍රධානීන් වන ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ, ජගත් ජයසූරිය හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) යන පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. මාර්තු 25, 2025 රූපවාහිනී රාත්‍රී සිංහල...

”කුඩ්ඩා” ලේබල් කිරීම් නැතුව බැරිද?

”කුඩ්ඩා” ලේබල් කිරීම් නැතුව බැරිද?

මහජන සෞඛ්‍ය ගැටළුවක් වන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය අත රැඳි වගකීමක් ඇත. එහිදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ කොන් කිරීමේ හෝ ගර්හාවේ ආකල්පයක් ජනිත කරවන සුළු යෙදුම් හෝ අදහස් පළ නොකරන ලෙසට ජ්‍යාත්තන්තර මාර්ගෝපදේශයන් මාධ්‍ය වෙත...

ඔබ තෝරගන්නා වාර්තාකරණය?

ඔබ තෝරගන්නා වාර්තාකරණය?

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටිය දී වෛද්‍යවරියක් බරපතළ ලිංගික අපරාධයකට මුහුණ දුන් බවට පැවසෙන සිදුවීමේ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට අදාළ වෛද්‍යවරිය නොපැමිණීම හේතුවෙන් පෙරෙට්ටුව කල් තැබීමේ පුවත, ලංකාදීප, දිවයින, මව්බිම සහ අරුණ පහත පරිදි වාර්තා කර තිබිණි....

තරුණියෝ ”රූමත්”, ”ටැටූ ගැසූ” බව අදාළ ද?

තරුණියෝ ”රූමත්”, ”ටැටූ ගැසූ” බව අදාළ ද?

මාර්තු 23 රාත්‍රීයේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පවත්වන ලද නීති විරෝධි මත්පැන් සාදයක් වටලා සැකකරුවන් හා සැකකාරියන් 58 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූයේ යැයි මාධ්‍ය තුළ වාර්තා වී තිබිණි. දිවයින (මාර්තු 25, 2025) තුළ, එම අත්අඩංගුවට පත් වූ සැකකාරියන් පිළිබඳ වාර්තා වී ඇති...

කාන්තාවන් පමණක් ඉස්මතු කරන්නේ ඇයි?

කාන්තාවන් පමණක් ඉස්මතු කරන්නේ ඇයි?

දෙවිනුවර සිංහාසන පාර අසල දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණු පුවත, මව්බිම, ලංකාදීප සහ දිවයින පුවත්පත් පහත අයුරින් වාර්තා කර තිබිණි. එකම වරදකට කාන්තා හා පිරිමි දෙපාර්ශවය අත්අඩංගුවට පත්වූ විටක දී පවා, ඇතැම් මාධ්‍ය...

”සුදු කත” ද? ”ජර්මානු ජාතික කාන්තාව” ද?

”සුදු කත” ද? ”ජර්මානු ජාතික කාන්තාව” ද?

මෑතකදී ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගත් ජර්මානු සම්භවයක් ඇති කාන්තාවක්, පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ස්වර්ණවාහිනී: “ගලේවෙල හදන්න ආ සුදු කත ප්‍රතික්‍ෂේප වෙයි.”හිරු :...

”රූමත්” අදාළ ද?

”රූමත්” අදාළ ද?

වෙන්නප්පුව ප්‍රදේශයේ ආරවුලකින් පසුව පෙම්වතා විසින් කාන්තාවක් ඝාතනය කළ පුවතක් මව්බිම (මාර්තු. 20, 2025) තුළ හැඟීම් කළඹවන සුළු (sensational) ආකාරයෙන් වාර්තා වී තිබුණි. *පුවත් අන්තර්ගතය - ".....අවාසනාවන්ත ලෙස අකාලයේ මරු වැළඳගත්තේ විසි එක් හැවිරිඳි රූමත් තරුණියකි." 1) මෙම...

සිරස්තලයේ – ආබාධිතයන්, අන්තර්ගතයේ – ආබාධ සහිත පුද්ගලයන්

සිරස්තලයේ – ආබාධිතයන්, අන්තර්ගතයේ – ආබාධ සහිත පුද්ගලයන්

පුවත්පත - දිනමිණ (ජූනි. 13, 2025) සිරස්තලය - "ආබාධිතයන්ගේ අයිතිවාසිකම් සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට" අන්තර්ගතය - "ආබාධ සහිත පුද්ගලයන්ගේ" ලෙසින් අන්තර්ගතය තුළ සඳහන්ව ඇත. යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා...

පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන්ගේ සංකේත වැඩ වර්ජනය.

පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන්ගේ සංකේත වැඩ වර්ජනය.

අය වැය යෝජනා මගින් සිය දීමනා කප්පාදු වී ඇති බව පවසමින්, පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තිය සමිති 7 ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබිණි. මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාර්තු 18, 2025...

”හදි කිරීම”, ”කෙලෙසීම” වෙනුවට ලිංගික අපරාධය?

”හදි කිරීම”, ”කෙලෙසීම” වෙනුවට ලිංගික අපරාධය?

තලංගම ප්‍රදේශයේදී කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සමූහ ලිංගික අපරාධයක් මාර්තු 16, 2025 දින හිරු රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි. සිරස්තල - "තලංගමදී කතකට හදි කළ තිදෙනෙක් සොයයි" අන්තර්ගතය - "තලංගමදී කතක් කෙලෙසූ තිදෙනෙක් සොයයි" 1) සිරස්තලය තුළ...

විදුලි බිල වැඩි වීම විවිධ පාර්ශවයන්ගෙන් විරෝධය-මෙම පුවත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් ඔස්සේ

විදුලි බිල වැඩි වීම විවිධ පාර්ශවයන්ගෙන් විරෝධය-මෙම පුවත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් ඔස්සේ

විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීම පිලිබඳ විවිධ පාර්ශවයන්ගේ විරෝධය දැක්වෙන පුවත් ජූනි 12, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර/නොකර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 12, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...

මාට්ටු මාධ්‍යට උචිත ද?

මාට්ටු මාධ්‍යට උචිත ද?

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ...

”හදි කිරීමක්” ද?ලිංගික අපයෝජනයක් ද?

”හදි කිරීමක්” ද?ලිංගික අපයෝජනයක් ද?

බාලවයස්කාර සිසුවියකට බරපතළ ලිංගික අපයෝජන කළ බවට චෝදනා ලැබූ දෙදරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියමවීමේ පුවතක් ේ වාර්තා වී තිබුණේ මෙසේය. * "බාලවයස්කාර සිසුවියකට හදි කළ දෙදරු පියා දස වසකට මහුඋළුගෙදර යවයි" - දිවයින * "ශිෂ්‍යාවක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය:...

විදුලි බිල වැඩි වීම- රූපවාහිනි පුවත් ඔස්සේ

විදුලි බිල වැඩි වීම- රූපවාහිනි පුවත් ඔස්සේ

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් ඉහළට නැංවීමේ පුවත ජූනි 11, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි. (YouTube වෙත එක්කොට තිබූ ජූනි 11, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්...

ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කළ පළමු නිලධාරිනිය.ඇගේ ”රූමත්” බව පුවතට අදාළද?

ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කළ පළමු නිලධාරිනිය.ඇගේ ”රූමත්” බව පුවතට අදාළද?

කාන්තාවන් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී, ඇතැම් මාධ්‍ය මගින් බොහෝ විට ඔවුන්ව ලිංගික වස්තූන් ලෙසින් හැඟවුම්කරණය කිරීමක් සිදුවන බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු. මේ Ethics Eye නිරීක්‍ෂකයෙකු විසින් අප වෙත යොමු කර තිබුණු තවත් එවැනි නිදසුනකි. ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය...

ඍණාත්මක සන්දර්භයන් ඇති පුවත් තුළ කාන්තාවන් පමණක් ඉස්මතු කිරීම.

ඍණාත්මක සන්දර්භයන් ඇති පුවත් තුළ කාන්තාවන් පමණක් ඉස්මතු කිරීම.

මාධ්‍ය තුළ පළ වන ඇතැම් පුවත් වාර්තාවන්හි, එකම වරද සිදුකළ කාන්තාවන් සහ පිරිමින් නීතියට හසුවූ අවස්ථාවකදී, කාන්තාව පමණක් වඩාත් ඉස්මතු කොට දැක්වීමේ භාවිතාවක් දක්නට ලැබේ. එනම්, එහිදී කාන්තාව සහ පිරිමියා විසින් එකම වරද සිදුකරනු ලැබූ අවස්ථාවකදී වුවත්, කාන්තාව කළ වරදට වැඩි...

Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.

Contact information

Verité Media, Verité Research Pvt. Ltd

No. 5A, Police Park Place,

Colombo 00500

 

Email: media@veriteresearch.org

Phone: +94 76 148 8544 

© Verité Research Private Limited. All Rights Reserved.