Media Ethics

මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?

මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?

ලිංගික අපරාධ, විශේෂයෙන්ම බාලවයස් ලිංගික අපයෝජනයන් පිළිබඳව වාර්තා කිරීමේදී, මාධ්‍ය විසින් “වින කිරීමක්”, “හදි කිරීමක්” වැනි යෙදුම් භාවිතා කරන බව අපට නිරීක්ෂණය කළ හැක.
ඒ ඔස්සේ බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සන්නිවේදනය වන්නේදැයි පාඨක අප ඇසිය යුතු වේ. බාලවයස් ලිංගික අපයෝජනයක බරපතළභාවය නිසි ලෙසින් සිරස්තල ඔස්සේ නොදැක්වීම, එවැනි වරදක් සමාජය තුළ සාමාන්‍යකරණය වීමට හේතුවක් නොවන්නේදැයි එසේම අප ඇසිය යුතුයි.
ඒ අනුව, මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?

read more
කොරියාවේ ගුරුවරියක් පාසල තුළ දී දිවි තොර කර ගැනීම​: දේශීය සහ විදේශීය මාධ්‍ය වාර්තාකරණයන්

කොරියාවේ ගුරුවරියක් පාසල තුළ දී දිවි තොර කර ගැනීම​: දේශීය සහ විදේශීය මාධ්‍ය වාර්තාකරණයන්

නිදසුනක් ලෙස, දකුණු කොරියානු ගුරුවරියක් දිවි තොර කර ගැනීමෙන් මිය යෑමේ පුවත, අරුණ පුවත්පත, The Guardian සහ BBCය විසින් වාර්තා කොට ඇති අන්දම සංසන්දනය කළ හැක.

read more
ලිංගික අපරාධයන් සුළු කොට නොදක්වමු!

ලිංගික අපරාධයන් සුළු කොට නොදක්වමු!

13 හැවිරිදි පාසල් සිසුවියක “ලිංගික අතවරයකට” ලක් කිරීම සම්බන්ධයෙන්, ඇය ඉගෙනුම ලබන විදුහලේම නියෝජ්‍ය විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගත් සිදුවීම දිනමිණ පුවත්පත (සැප්තැම්බර් 06, 2023) මෙසේ වාර්තා කර තිබිණි.

read more
ඔබ තෝරා ගන්නා වාර්තාකරණය කුමක් ද?

ඔබ තෝරා ගන්නා වාර්තාකරණය කුමක් ද?

ලිංගික අපරාධයන්ට සහ ඇගේ කැමැත්ත නොමැතිව සිදුවූ ගබ්සා කිරීමකට ලක්වූ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික තරුණියකට, මාස ගණනක අධිකරණ කටයුතු වලින් පසු වන්දි මුදලක් හිමි වීම සහ ඇය සිය රටට නැවත පැමිණීම සම්බන්ධයෙන්, විවිධ පුවත්පත් වාර්තාවන්හි සිරස්තල ඔස්සේ දක්වා තිබූ ආකාරය මෙසේ පෙන්වා දිය හැක.

read more