Presidential Election

දිනමිණ මගින් දැන්වීමක් බව නොදක්වමින් මෙය පළ කොට තිබීම මැතිවරණ ආචාර ධර්ම උල්ලංඝනයක් නොවන්නේ ද?

දිනමිණ මගින් දැන්වීමක් බව නොදක්වමින් මෙය පළ කොට තිබීම මැතිවරණ ආචාර ධර්ම උල්ලංඝනයක් නොවන්නේ ද?

ජූලි 31, 2024 දින දිනමිණ, ලංකාදීප, මව්බිම, දිවයින, අරුණ සහ අද පුවත්පත් මුල් පිටු තුළ, “ජනාධිපති රනිල් තමයි” යන සිරස්තලය සමගින් වාර්තාවක් පළ වී තිබිණි.
කෙසේ වුවත්, දිනමිණ හැර අනෙකුත් සෑම පුවතකම මෙය දැන්වීමක් යැයි සඳහන් කර තිබුණි. එනමුත් දිනමිණ එය දැන්වීමක් බව කෙසේවත් සඳහන් කර නොතිබුණි.

read more
සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලය

සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලය

සර්වජන බලය දේශපාලන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ලෙසින් දිලිත් ජයවීර නම් කිරීමේ ජාතික මහා සමුළුව, අගෝ. 04, 2024 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අගෝ. 04, 2024 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් සැලකිල්ලට ගත් විට, සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලයත්, එහිදී දිලිත් ජයවීර විසින් කළ කතාවට පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලයත් පහත පරිදි දත්ත සටහනකින් පෙන්වා දිය හැක.

read more