සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝවක් ඇතැම් මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ඉහළ අවධානයක් දිනාගෙන තිබිණි.
මෙහිදී බොහෝ දෙනෙකු විමසා තිබුණේ සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළ පාපොච්චාරණයක් මෙසේ රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද යන්නයි.