සමාජ ගැටලුවක්,ලිපියක් සහ කාටූනයක්
“හනිමූන් ගිය සුද්දා හොරෙන්ම මාරු වෙලා, රට පනින්න සුද්දෝ බඳින්නේ පරිස්සමෙන්” යන සිරස්තලයෙන් යුතුව සති අග අරුණ පුවත්පතේ (ජනවාරි 19, 2025) පළ වී ඇති ලිපියකි. මෙම ලිපිය තුළ කාටූනයක් ද පළ වී තිබිණි.
වෙනත් රටකට යෑමේ අරමුණින් ඇතැමුන් විදේශිකයින්ව විවාහ කර ගැනීමත්, කුමන හෝ අරමුණකින් විදේශිකයින් හා විවාහ වූවද, ඇතැම් විදේශිකයින් තමන් විවාහ කොට ගත් කාන්තාවන් මෙරට දමා පලා යෑමේ ප්‍රවණතාවයක් පිළිබඳවත්, එසේ රැවටීමකට ලක් වී අසරණ වන්නන් හට නීතියෙන් ලැබෙන පිහිටාධාරයන් පිළිබඳවත් මෙම ලිපිය තුළ ආවරණය වී තිබිණි.
කෙසේ නමුත්,
1) මෙම කාටූනය ඔස්සේ මෙම පුවතට හැඟීම් කළඹවන සුළු වර්ණයක්, හාස්‍යයක් ලබා නොදෙන්නේද? එසේම, මෙම කාටූනය -විශේෂයෙන්ම කාන්තාවන්ව- ඒකාකෘතික කොට නොදක්වන්නේ ද?
2) මෙම පුවත සමාජ ගැටළුවක් මුල් කොට ගනිමින්, එම සමාජ ගැටළුව නිසා අසරණ වන්නන් හට වැදගත් තොරතුරු සහ නීති උපදෙස් ද සමඟ ලියවී තිබුණත්, මෙම කාටූනය නිසා, එම ලිපියත්, ලිපියෙන් සාකච්ඡා වන සමාජ ගැටළුවත් සැහැල්ලුවට ලක් නොවන්නේ ද?
3) එසේම, “සුද්දා” යන යෙදුමින් විදේශිකයින්ව හැඳින්වීම, සමේ වර්ණය පදනම් කර ගනිමින් විදේශිකයින්ව කොන් කිරීමක් නොවන්නේ ද?
සමාජ ගැටළුවක නිසි බරපතල භාවය දක්වමින් පුවත් වාර්තා කිරීමට ප්‍රවේසම් වෙමු!
**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.
*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!


0 Comments