“කුඩ්ඩෝ ද? “සැකකරුවෝ” ද?
සිදුවීම් සාරාංශය
මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් පසුගිය සතිය තුළ පුවත් වාර්තා තුනක් පළ විය. රඹෑව ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් මත්ද්‍රව්‍ය විකුණන සහ භාවිතා කරන අය නිසා පීඩාවට පත්ව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමත්, “රටම එකට” සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම් යටතේ දිවයින පුරා සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමත් එහි ප්‍රධාන සිදුවීම් වේ.
මෙහි අන්තර්ගතය ප්‍රධාන ගැටලු තුනක් යටතේ කෙටියෙන්:
1. මත්ද්‍රව්‍ය වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා පිරිස හැඳින්වීමට වඩාත් උචිත නීතිමය යෙදුම කුමක්ද?
අධිකරණයකින් වරදකරු වන තෙක් ඕනෑම පුද්ගලයෙකු “නිවැරදිකරු” ලෙස සැලකෙන බැවින්, ඔවුන් “සැකකරුවන්” ලෙස හැඳින්වීම අනිවාර්ය වේ. “
2. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ විකුණන්නන් අතර වෙනස වාර්තාකරණයේදී වැදගත් වන්නේ ඇයි?
භාවිතයට ඇබ්බැහි වූවන් සහ බෙදාහැරීමට සම්බන්ධ සැකකරුවන් එකම කුලකයක ලා වාර්තා කිරීම වැරදිය. භාවිතයට ඇබ්බැහි වූවන් රෝගීන් හෝ වින්දිතයන් ලෙස සලකා ඔවුන්ට අවශ්‍ය “පුනරුත්ථාපනය” ගැන අවධාරණය කළ යුතු අතර, බෙදාහරින්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පෙන්වා දිය යුතුය.
3. සෘණාත්මක ලේබල්කරණයෙන් තොරව වාර්තා කිරීමේ සමාජීය වාසිය කුමක්ද?
“කුඩ්ඩන්” වැනි අපහාසාත්මක වචන වෙනුවට “මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්” වැනි යෙදුම් භාවිත කිරීමෙන් ඔවුන් සමාජයෙන් කොන් වීම වැළකේ. මෙය ඔවුන්ට ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත සාමාන්‍ය පුරවැසියන් ලෙස ගෞරවනීයව සමාජගත වීමට මග පාදයි.
ධනාත්මක සමාජයක් වෙනුවෙන් සෘණාත්මක ලේබල්කරණයන්ගෙන් වළකිමු!


0 Comments