Ethics Eye TV Coverage

උස්වැටකෙයියාවේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට


උස්වැටකෙයියාවේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බව රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශයන් පහත පරිදි වාර්තා කරයි.

ඔබ සිතනා ලෙසට,

1) එකම සිදුවීමක් සඳහා සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට ගැනී තිබෙන පසුබිමක, එම සැකකරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයන් මෙම පුවතට අදාළ වන්නේ කෙසේ ද?

2) සැකකරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයන් මෙම පුවතට අදාළ නොවන්නේ නම්, හිරු ටීවී, ස්වර්ණවාහිනී සහ ටීවී දෙරණ මඟින්, සැකකරුවන් අතර සිටින කාන්තාව පමණක් ඉස්මතු කොට දැක්වීමේ පදනම කුමක්ද?

3) එසේ කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වන්නේ, එම වරදෙහි වැඩි වගකීමක් කාන්තාවට පැවරෙන බවක් පෙන්වීමට ද? එය ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගනිමින්, කාන්තාව කොන් කිරීමක් නොවේද?

ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගනිමින් කාන්තාව කොන් නොකරන මාධ්‍යකරණයක නිරත වෙමු!

(YouTube වෙත එක් කොට ඇති පෙබ. 25, 2025 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.) 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This