මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු!
මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත් කරයි;
* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස දක්වන්න –
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු රාශියක් හේතුවෙන් සිදුවන, පුනරුත්ථාපනයෙන් විසඳිය හැකි තත්ත්වයක් බව දැක්වීමෙන් ඉන් පෙළෙන පුද්ගලයින් තුළ සුව වීමේ අපේක්ෂාවක් ඇති කළ හැකියි.
* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපනයට උපකාරී විය හැකි අංක හෝ විශේෂඥ මූලාශ්‍ර සඳහන් කරන්න –
මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකුට උපකාර ලබා ගත හැකි අංක සඳහන් කිරීමෙන් ඔවුන්ව ඒ සඳහා දිරි ගැන්විය හැකියි.
* මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හෝ මත්ද්‍රව්‍ය දැක්වෙන ජායරූප පළ නොකරන්න –
මත්ද්‍රව්‍ය භාවිතය කරන්නන්ට හා පුනරුත්ථාපනයට යොමු වී ඇති පුද්ගලයින්ට විය හැකි ඍනාත්මක මානසික බලපෑම හා හානිය මෙමගින් අවම කිරීමට හැකිය.
* මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිළිබඳ කොන් කිරීමේ හෝ ගර්හාවේ ආකල්පයක් ජනිත කරවන සුළු අදහස් පළ නොකරන්න –
සහකම්පනය පදනම් කරගත් වාර්තාකරණයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට විය හැකි හානිය අවම කිරීමට හැකියි.
ඒ අනුව, මව්බිම පුවත්පතේ (ජන. 06, 2025) “මතට බිලිවන ගමේ කෙල්ලන්ගේ ශෝකාන්තය?” යන සිරස්තලයෙන් යුතුව පළ වී තිබූ විශේෂාංග ලිපිය විග්රහ කිරීමට හැකි වේ. මෙම ලිපිය මත්ද්‍රව්‍ය ගැටළුවට මුහුණ දී සිටින පාසල් දැරියන් සහ තරුණියන් සම්බන්ධයෙන් සමාජ අවධානය යොමු කිරීම සඳහා ගත් ධනාත්මක උත්සාහයක් ලෙසින් දැක්විය හැක.
නමුත්, මෙම ලිපිය තුළින් ඉස්මතු වන ගැටළුකාරී තැන් කිහිපයක් ද වෙයි.
* මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකුට උපකාර ලබා ගත හැකි අංක හෝ මූලාශ්රයන් සඳහන් කොට නොමැත.
* මෙම ලිපිය සමඟ කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතා කරනු දක්වන ග්‍රැෆික් ඡායාරූප ඇතුළත් කොට තිබේ.
ඊට අමතරව, ලිපිය අවසානයේදී ඇති “කෙල්ලෙක් එළියට ගියොත් හෝදලවත් ගෙට ගන්න බෑ” වැනි පසුගාමී සඳහන් කිරීම් ඔස්සේ, මෙම කාන්තාවන් කෙරෙහි ඇති කොන් කිරීමේ ආකල්ප ප්‍රවර්ධනය වෙයි.
මෙම ලිපිය ඉහත දැක්වූ නිර්දේශ අනුගමනය කරමින් ලියවුණේ නම්, පාසල් දැරියන් සහ කාන්තාවන් අතර පැතිරී ඇති මත්ද්‍රව්‍ය ගැටළුව හා එය මැඩලීමට ගත හැකි ඇති පිළියම් සම්බන්ධයෙන්, වඩාත් පරිපූර්ණ ලිපියක් වන්නට ඉඩ තිබුණේ නොවේ ද?


0 Comments