දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
මේ දිනවල ‘දිට්වා’(Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයත් සමඟ අප රට දැඩි පාරිසරික, ආර්ථික සහ සමාජීය අභියෝග රැසකට මුහුණ දෙමින් සිටී. මෙම ව්‍යසනකාරී තත්ත්වය සහ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පොදු ජනතාව තුළ දැඩි ආතතියක් සහ කම්පන සහගත තත්ත්වයක් (Trauma) නිර්මාණය වී තිබිය හැක. මෙවන් තීරණාත්මක මොහොතක රටේ මානසික සෞඛ්‍යය (Mental Health) සුරැකීම වෙනුවෙන් පෙනී සිටීම අන් කවරදාටත් වඩා වැදගත් වේ.
විශේෂයෙන්ම මෙවැනි පීඩනකාරී වටපිටාවක, සියදිවි නසාගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී මාධ්‍ය සතු වගකීම අතිමහත්ය.
මිය ගිය දරුවන්ගේ සිරුරු අනුරාධපුර මල්වතු ඔය අලුත් පාලම අසල තිබී සොයා ගත් පුවත පලවූ දිනමිණ,දිවයින,ලංකාදීප,අරුණ,මව්බිම වාර්තාකරණයේ ගැටලු දෙකක් හඳුනාගත හැක.
*උපකාරක අංක මගහැරීම: දිවි තොර කරගැනීමට පෙළඹෙන පුද්ගලයෙකු ඉන් මුදා ගැනීමට ඇති හොඳම ක්‍රමවේදය වන්නේ ඔවුන්ට ක්ෂණිකව මානසික සහාය ලබා දීමයි. එහෙත් මෙම පුවත් වාර්තා කිරීමේදී 1926 (ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය) හෝ වෙනත් හදිසි උපකාරක අංක (Helplines) පළ කිරීමට අපොහොසත් වී ඇත.
*මියගිය දරුවන්ගේ ඡායාරූප පළ කිරීම:මියගිය පසුවද පුද්ගලයෙකුට (විශේෂයෙන් දරුවන්ට) ඇති ගෞරවය ආරක්ෂා කිරීමට මාධ්‍ය බැඳී සිටී.එමෙන්ම, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට දැඩි මානසික පීඩාවක් ඇති කල හැක.
වත්මන් ව්‍යසනය හමුවේ පීඩාවට පත් ජනතාවගේ මානසික යහපැවැත්ම ආරක්ෂා කිරීම මාධ්‍යයේ ප්‍රමුඛ කාර්යයක් කර ගමු!
උපකාරක අංකයක් පළ කරමු. ජීවිතයක් රැක ගනීමු.
2025.12.03 දින වාර්තා වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර තැබූ සටහන මෙතැනින්:https://www.facebook.com/share/p/17jVShpoMT/
*1333-CCCline
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0112682535, 0112682570, 0112818860
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926
මේ ගැන තවදුරටත් දැනගන්න,මේ ලින්ක් එකට පිවිසෙන්න.


0 Comments