එදාත්, මෙදාත්, රූමත්?
2025.12.07 දින මව්බිම පුවත්පතේ ‘පැරණි පත්තර තට්ටුවෙන්’ නැමැති ලිපිය මගින්, 1959 දී සිදුවූ ඇඩ්ලින් විතාරණ ඝාතනය සහ එය එවක මාධ්‍යවල පළවූ ආකාරය නැවත ගෙනහැර දක්වයි.
එදා (1959) සහ අද (2025) මෙම සිදුවීම වාර්තා කිරීමේදී යොදාගත් සිරස්තල සසඳන විට පෙනී යන්නේ එකම ගැටලුවයි:
* 1959 මුල් සිරස්තලය: ”රූමත් තරුණියගේ ගෙල සිර කර රථයකට යට කර මරා දමා ඇත.”
* 2025 ලිපියේ සිරස්තලය: ”නඩුවකින් එළියට ආපු විල්පත්තු රූමතියගේ සසල කරවන කතාව.”
දශක ගණනාවකට පසු මෙම සිදුවීම නැවත වාර්තා කිරීමේදී ද “රූමතිය/සුරූපී” යන යෙදුම් හරහා කාන්තාවගේ බාහිර රූපය ඉස්මතු කිරීමේ වරද නිවැරදි වී නොමැත.
මාධ්‍ය වාර්තාකරණයේදී මෙම භාවිතය ගැටලු සහගත වන්නේ ඇයි?
*අදාළත්වය: රූ රැජිනක් වැනි විශේෂිත අයෙකු නොවේ නම්, අපරාධ වින්දිත කාන්තාවකගේ රූපය පුවතේ හරයට අදාළ නොවේ. අවධානය යොමු විය යුත්තේ සිදුවීමේ නීතිමය හා සමාජීය පසුබිමටයි.
*සමාජ අගතිය: කාන්තාවන් විනිශ්චය කළ යුත්තේ බාහිර පෙනුම මතය යන මතය මෙය තවදුරටත් තහවුරු කළ හැක.
භාවාතිෂමය බව (Sensationalism): “රූමත්” යන යෙදුම මගින් සිදුවීමේ බරපතලකම යටපත් වී, එය පාඨකයා පිනවන කතන්දරයක් බවට පත් කරයි.
පුවත් යනු පෙනුම නොවේ. අවශ්‍ය තැනදී අදාළ කරුණු පමණක් වාර්තා කිරීම මාධ්‍ය වගකීමයි.


0 Comments