Ethics Eye

සුදු කතද? කළු වැඩක්ද? විදෙස් කතද? ලිංගික අතවරයක්ද?

සිදුවීම: විිදේශීය සංචාරක කතුන් දෙදෙනකුට ලිංගික අතවරයක් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් මාවතගම ත්‍රිරෝද රථ රියැදුරෙකුට වසර 10කට අත්හිට වූ මාස 6 ක බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

2025 නොවැම්බර් 25 දින දිනමිණ සහ අරුණ , නොවැම්බර් 26 වන දින ලංකාදීප වාර්තාකරණයන් ඇසුරෙන්:

ලංකාදීප සිරස්තලය තුළ – “සුදු කතුන්”

අන්තර්ගතය තුළ -“විදේශීය සංචාරක කතුන්”

දිනමිණ සහ අරුණ සිරස්තල සහ අන්තර්ගතය තුළ – “විදෙස් කතුන්”

ඔවුන්ට සිදු වූ ලිංගික අතවරය,

ලංකාදීප සිිරස්තලය තුළ -“කළු වැඩක්” යනුවෙන්ද අන්තර්ගතය තුළ “ලිංගික අතවරය” ලෙසද

දිනමිණ සහ අරුණ අන්තර්ගතයන් තුළ “ලිංගික අතවරය” ලෙසත් හඳුන්වා තිබිණ.

මෙහි ඇති ගැටලුව කුමක්ද?

*”කළු” යන්න නරක දෙයක් ලෙස හුවා දැක්වීම :

මෙහි “සුදු” සහ “කළු” යන වචන එකිනෙකට පටහැනිව (contrast) යොදාගෙන ඇත. විදේශික කාන්තාවගේ සමේ පැහැය (සුදු) සහ අපරාධයේ ස්වභාවය (කළු) ලෙස සැසඳීම මගින්, වක්‍රාකාරව “සුදු” යනු උසස් හෝ පවිත්‍ර දෙයක් ලෙසත්, “කළු” යනු පහත්, නරක හෝ අපරාධමය දෙයක් ලෙසත් අර්ථකථනය කෙරේ. මෙය වාර්ගික වශයෙන් අගතිගාමී අදහසක් (Stereotype) සමාජගත කිරීමකි.

*නිවැරදි භාවිතය වන්නේ කුමක්ද?

මෙවැනි අවස්ථාවක වර්ණය හෝ ජාතිය ඉස්මතු නොකර, සිදුවූ අපරාධය පැහැදිලිව අර්ථ දක්වන

“විදේශික කාන්තාවකට ලිංගික අතවරයක්” වැනි යෙදුමක් භාවිතා කිරීම වඩාත් සුදුසු නොවන්නේද?

වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This