දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
2025, නොවැම්බර් 11 දින දිවි තොර කර ගැනීමක් සම්බන්ධ පුවතක් දිනමිණ පුවත්පත වාර්තා කර තිබිණි.
මෙම වාර්තාකරණයේ,
*දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.
*හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.
*දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කර ඇත.
*දිවි තොර කර ගැනීම් වාර්තාකරණයේදී දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම ක්‍රමය අනුව අනුකාරක සිදුවීම් ඇතිවීමේ අවදානමක් ඇති බැවිනි.
*දිවි තොර කර ගැනීම පිළිබඳ පුවත් වාර්තාවක් සමගින්, හදිසි උපකාරක අංක සඳහන් කරන මෙන් උපදෙස් දෙන්නේ, එය දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට උපකාරයක් විය හැකි බැවිනි.
*දිවි තොර කරගත් අයගේ ඡායාරූප පළ කිරීම හරහා මියගිය පුද්ගලයාගේ ගෞරවයට හානියක් වන අතර, ශෝකයෙන් සිටින පවුලේ සාමාජිකයන්ට දැඩි මානසික පීඩාවක්/කම්පාවක් ඇති කළ හැක.
ඡායාරූප මගින් මෙම සිදුවීම භාවාතිෂය (sensationalise) කිරීමක ලක් විය හැක.
තොරතුරු විස්තරාත්මක වන තරමට අනුකරණය කිරීමේ අවදානමද ඉහළ යයි.
ඒ අනුව, ආචාරධාර්මික වාර්තාකරණයේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරයි:
පුද්ගලයන්ට පෞද්ගලිකව ශෝක වීමට ඇති අයිතියට ගරු කිරීම.
අවසරයකින් තොරව ඡායාරූප පළ නොකිරීම.
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:
* CCC line – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)


0 Comments