අපයෝජන පිළිබඳ පුවත් සංවේදීව වාර්තා කරමු!
ව්‍යභිචාර සිද්ධියකට අදාළ සැකකරුවෙක් වසර 20 කට පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිදුවීමක් 2025.11.10 දින අරුණ වාර්තා කල අයුරු පහත දැක්වේ.
මාධ්‍ය වාර්තාකරණයේදී ව්‍යභිචාරය වාර්තා කළ යුත්තේ කෙසේද?
ව්‍යාභිචාර සිද්ධීන් පිළිබඳ වාර්තා කිරීමේදී එම සිදුවීමට මුහුණ දුන් අයගේ අනන්‍යතාවය වක්‍රව හෝ හෙළි කළ හැකි තොරතුරු ඇතුළත් නොකළ යුතුය. ඒ අනුව:
*සිදුවීමට මුහුණ දුන් අය කිසි විටෙක හඳුනා නොගන්න.
මෙයට නම පමණක් නොව, ඔවුන්ගේ අනන්‍යතාවය වක්‍රව හෙළි කළ හැකි ඕනෑම විස්තරයක් (ස්ථානය, ඥාතීන්, පාසල, රැකියා ස්ථානය වැනි) ඇතුළත් වේ.
*කැමැත්ත ප්රමුඛ වේ.
සිදුවීමට මුහුණ දුන් අයට ඔවුන්ගේ කතාව කියන්නේ කෙසේද, කවදාද සහ කියනවාද නැද්ද යන්න තීරණය කිරීමට අයිතියක් ඇත. ඔවුන් කැමැත්ත ලබා දුන්නත්, වාර්තාකරුවන් විසින් ප්රකාශනයේ ඇති විය හැකි ප්‍රතිවිපාක පැහැදිලි කළ යුතුය.
*නිර්නාමිකභාවය (Anonymity) මූලික විය යුතුය.
සිදුවීමට මුහුණ දුන් අයගේ අනන්‍යතාවය සමාජ මාධ්‍යවල හෝ වෙනත් තැන්වල දැනටමත් සංසරණය වුවද, නිර්නාමිකභාවය මූලික ප්‍රතිපත්තිය විය යුතුය.
ඒ අනුව, අරුණ පුවත්පතේ පළවූ වාර්තාකරණයේ ඇති ගැටලු මොනවාද?
මෙම වාර්තාකරණයේ චූදිතයාගේ ඡායාරූපයක් ඇතුළත් කර ඇත. (ඊ-පුවත්පතේ ඡායාරූපය බොඳ කර තිබුණද, පුවත මත ක්ලික් කරන විට සම්පූර්ණ රූපය දිස්වේ.) මෙම පුවතේ සිදුවීමට මුහුණ දුන් තැනැත්තිය සහ චූදිතයා අතර ඇති ඥාති සම්බන්ධතාවය ද සඳහන් කර ඇති බැවින්, එම ඡායාරූපය මගින් එම සිදුවීමට මුහුණ දුන් අයගේ අනන්‍යතාවය පහසුවෙන් හඳුනාගත හැක.
එමගින් වි සිදුවීමට මුහුණ දුන් තැනැත්තියගේ පෞද්ගලිකත්වයට හානියක් වන අතර ඇයව නැවත කම්පනයට පත් කල හැක.
හානිය අවම කරමු! වගකීම් සහගත වාර්තා කරමු!


0 Comments