සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු!
සියදිවි හානිකරගැනීම් පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු ආචාරධර්ම සහ මාර්ගෝපදේශ පිළිබඳව Ethics Eye මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධානය යොමු කර ඇත.
2025 ඔක්තෝබර් 27 වන දින දිනමිණ පුවත්පතේ පළ වූ මෙම පුවතෙහි ගැටලුකාරී ස්ථාන කිහිපයක් හඳුනාගත හැක.
සියදිවි හානිකරගැනීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ ඡායාරූප ප්‍රකාශයට පත් නොකිරීම වඩාත් සුදුසු වන්නේ ඇයි?
එමගින් මියගිය පුද්ගලයාගේ සහ සමීපතමයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අතර, ඔවුන්ගේ කම්පාව තීව්ර කිරීම වළක්වයි.
මියගිය පුද්ගලයා විසින් ලියා තැබූ සටහන් හෝ ලිපි (Suicide Notes) කිසිවක් ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරය නොකිරීම වඩාත් සුදුසු වන්නේ ඇයි?
මෙයද ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
දිවිතොර කරගත් පුද්ගලයාට එම ක්‍රියාවෙහි වරද පැටවීමෙන් (Victim Blaming) හෝ නින්දා කිරීමෙන් වැළකිය යුතු වන්නේ ඇයි?
සියදිවි හානිකරගැනීමට පෙළඹෙන්නේ බරපතල මානසික වේදනාවෙන් හා පීඩනයෙන් සිටින පුද්ගලයන්ය. එසේ වරද පැටවීමෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සහ සමීපතමයන්ට අනවශ්‍ය පීඩනයක් ඇති කල හැක.
තවද, මෙය එම තත්ත්වයෙන් පෙළෙන වෙනත් පුද්ගලයින්ට තමන් වැරදිකරුවන් ලෙස හැඟවීමට ද හේතු විය හැක.
සියදිවිවි නසාගැනීමේ වාර්තාකරණයේදී උපකාරක අංක පළ කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
යම් මානසික පීඩනයකින් හෝ සියදිවි නසාගැනීමේ පෙළඹවීමකින් සිටින ඕනෑම අයෙකුට එම උපකාරක අංක භාවිතයෙන් සහනයක් සහ වෘත්තීය උපදෙස් ලබා ගැනීමට හැකි වීම හරහා ජීවිත ආරක්ෂා කිරීමට එය රුකුළක් විය හැක.
මානසික සෞඛ්‍ය වෘත්තිකයන් සහ පිළිගත් මාධ්‍ය ආචාරධර්ම පද්ධති විසින් ලබා දී ඇති මෙම මාර්ගෝපදේශ නොසලකා හැරීම මගින්, සමාජය තුළ තවත් සියදිවි නසාගැනීම් සඳහා අනුබල දීමක් සිදු නොවේද?
සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත් වගකීම් සහගතව වාර්තා කරමු!


0 Comments