චීන්නු ද? චීන ජාතිකයින් ද?
ඔක්තෝම්බර් 26, 2025 දින හිරු පුවත් සිරස්තලයේ චීන ජාතිකයන් හැඳින්වීමට “චින්නු” යන්න යොදාගෙන ඇති අයුරු පහත පෙන්වා ඇත. බොහෝ විට සිංහල මාධ්‍ය තුල “චීන්නු” යනුවෙන් භාවිතා වන්නේ සෘණාත්මක පසුබිමයක් තුලය.
විශේෂයෙන්ම, නීති විරෝධී හෝ සමාජ විරෝධි ක්‍රියාවක් පිළිබඳව වාරතා කිරීමේදී “චීන්නු” යන්න යොදා ගන්නා බව නිරීක්ෂණය කළ හැක.
මෙවැනි භාවිතයන් තුළින් “චීන්නු” යන්නට අවමානයක් මුසු වූ අර්ථයක් එකතු විය හැක.
“චීන්නු” යනුවෙන් භාවිතා කිරීම නිසා ඇතිවන ප්‍රධාන ගැටලුවක් විය හැක්කේ එය සමස්ත චීන ජාතියම නිෂේධනාත්මක ඒකාකෘතියකින්/අච්චුවකින් නිරූපණය කිරීමයි.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස වඩාත් නිවැරදි වන “චීන ජාතිකයින්” යන්න භාවිතයට යෝජනා කළ හැක. එය වඩා විධිමත් භාවිතාවක් ලෙස දැක්විය හැක.
මෙමඟින් වාර්තාවකට අවශ්‍ය නිවැරදි බව සහ වෘත්තීය බව ආරක්ෂා වේ.
එය පුද්ගලයාගේ හෝ කණ්ඩායමේ ජාතිකත්වය පමණක් හඳුන්වන අතර, සෘණාත්මක අර්ථයන් හෝ ඒකාකෘතිකරණයන් මඟ හරවයි.
ප්රවෘත්ති වාර්තාකරණයේදී “චීන්නු” වෙනුවට “චීන ජාතිකයින්” යනුවෙන් භාවිතා කරමු!
(YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 26, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments